නිකිණි මාසය වර්ෂයේ අධිකතම ඉඩෝර මාසය යි. බොහෝ විට වැව් ප්‍රතිසංස්කරණය කිරීමට භාවිත කරන්නේ ද මෙම මාසය යි. නි – කිණි යන නම මෙම මසට ලැබී ඇත්තේ වැසි – නැති යන අරුත් ඇතිව යි. ජූලියස් සීසර් රජුගේ බෑණා වූ ඔගස්ටන් සීසර් අධිරාජ්‍යයා සිහිවීම පිණිස මෙම මසට “ඕගස්ට්” ලෙස නම් තබා තිබෙනවා. “ඕගස්ට්” සිංහලයට පරිවර්තනය වී “අගෝස්තු” ලෙස යි.
අගෝස්තු මස වැදගත් දිනවල දී අපට මුලින්ම හමුවන්නේ අගෝස්තු මස 03 වැනිදාට යෙදෙන්නේ දහම් පාසල් දිනය යි. හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ උපදෙස් මත 1880 පරම විඥානාර්ථ සමාගම මඟින් ඉරු දින දහම් පාසල් ව්‍යාපාරය ආරම්භ කර තිබෙනවා. ඒ අනුව 1895 අගෝස්තු 03 වැනි දා ප්‍රථම දහම් පාසල ආරම්භ වුණා. හරවත් දැනුමක් මෙන්ම ධර්මිෂ්ඨ සමාජයක් බිහිවීමට බෞද්ධ, කි්රස්තියානි, හෝ වෙනත් ආගමක් අනුව හෝ දහම් පාසලෙන් ලබන දැනුම අප අගේ කළ යුතුයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/colimage12texthandler.jpg”]
අගෝස්තු 06 වැනි දිනට යෙදී තිබෙන්නේ හිරෝෂිමා දිනය යි. 1945 අගෝස්තු මස 06 වැනි දා ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බ හෙළීම සිහිපත් කිරීම පිණිස සෑම වසරක දී ම අගෝස්තු 06 වැනි දා හිරෝෂිමා දිනය සමරනවා. මෙම පරමානු බෝම්බ හෙලීමේ පසු ප්‍රථිපල අදටත් එම ප්‍රදේශයේ දී දැකගන්න පුළුවන්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/hiroshima.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/PicMonkey-Image.jpg”]
අගෝස්තු 09 වැනි දිනට යෙදී තිබෙන්නේ ආදි වාසීන්ගේ ජාත්‍යන්තර දිනය යි. අවුරුදු දහදහස් ගණනක් පුරා කිසියම් රටක අඛණ්ඩව ජීවත්වන ජන සමූහය ආදීවාසීන් ලෙස හඳුන්වනවා. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව ආදිවාසීන් 70කට වැඩි ප්‍රමාණයක් සිටිනවා. නමුත් මිලියන 300කට අධික ආදිවාසීන් ප්‍රමාණයක් ලොව ජීවත්වන බවට යි වාර්තා වෙන්නේ. මේ අනුව 1994 ආදිවාසීන්ගේ ජාත්‍යන්තර දිනය සැමරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව සෑම වසරකම අගෝස්තු 09 වැනිදා ආදිවාසීන්ගේ ජාත්‍යන්තර දිනය ලෙස හඳුන්වනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/image_365cdff927.jpg”]
අගෝස්තු 12 වැනි දිනට යෙදී තිබෙන්නේ ජාත්‍යන්තර තරුණ දිනය යි. රටක ජීවනාලිය බඳු තරුණ පරපුර රැක ගැනීමේ තවත් පියවරක් ලෙසට 1998 සිට තරුණ දිනයක් නම් කර තිබෙනවා. 1999 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම අගෝස්තු 12 වැනි දින ජාත්‍යන්තර තරුණ දිනයක් සැමරීමටයි කටයුතු කර ඇත්තේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/resizedLlun-posib-i27r-wefan-1.png”]
අගෝස්තු 13 වැනි දිනට යෙදී තිබෙන්නේ ජාත්‍යන්තර වමත්කරුවන්ගේ දිනය යි. මවුකුස තුළ දී මෙස්ටෙස්ටරොන් නැමති හෝමෝනයේ විශේෂිත කි‍්‍රයාකාරීත්වය හේතුවෙන් මොළයේ එක් විශේෂිත කොටසක් වෙනසකට භාජනය වීමෙන් මෙසේ වමත්කරුවන් බිහිවන බව ස්නායු වෛද්‍ය විශේෂඥයින් පිරිසක් සොයා ගෙන තිබෙනවා.ලොව ප්‍රකට පුද්ගලයින්ගෙන් කිහිප දෙනෙකු වන ඇමරිකානු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන්, රොනල්ඩ් රේගන්, ජෝර්ජ් බුෂ්, එසේම එළිසෙබෙත් මහරැජින, චාර්ල්ස් කුමරු, විලයම් කුමරු ද වමත්කරුවන් බවටයි සඳහන් වන්නේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/94651.jpg”]
අගෝස්තු 23 වැනි දිනට යෙදී තිබෙන්නේ වහල් වෙළඳාම සහ එය අහෝසි කිරීම සිහිපත් කිරීමේ ජාත්‍යන්තර දිනය යි. වහල් වෙළෙදාම ශිෂ්ට සම්පන්න සමාජයක් අනුමත නොකරන බව තහවුරු කිරීමට සෑම වසරක ම අගෝස්තු 23 වැනි දා යොදාගෙන තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/wahalweladama.jpg”]
අගෝස්තු 29 වැනි දිනට යෙදී තිබෙන්නේ ඉස්ලාමීය කාන්තා දිනය යි. තම පියාගේ දැඩි පීඩනයකට ලක් වූ හසාර්ත් ෆාතිමා සහීරා කුමරියගේ උපන් දිනය මෙදිනටයි යෙදී තිබෙන්නේ. ඇය අධ්‍යාත්මික කාන්තාවක්. මුස්ලිම් කාන්තාවන්ගේ දිරිය කතක් ලෙසට යි වර්තමානයේ ඇය හඳුන්වන්නේ.
-ශානිකා රත්නායක-