මීට දශක කීපයකට ඉහත දී කාටුන් චිත්‍ර කලාවේ ආරම්භය සිදුව තිබෙනවා. එය යුරෝපාකරය හරහා ව්‍යාප්ත වූ තවත් එක් ප්‍රකාශන මාධ්‍යයක්. මුලින්ම කාටුන් චිත්‍ර ශිල්පීන් වැඩි අවධානයක් යොමු කරන ලද්දේ ‘කව්බෝයි’ නොහොත් ගොපල්ලන්ගේ කතා පසුබිම් කරගෙන චිත්‍ර කතා නිර්මාණය කිරීමට යි. කව්බෝයි චිත්‍ර කලාව එකල රසිකයන් අතර කොයිතරම් ජනප්‍රිය වී තිබුණා ද කියතොත් එම කතා කේන්ද්‍ර කොට ගෙන හොලිවුඩ් චිත්‍රපට දිගින් දිගටම නිෂ්පාදනය වෙන්නට පටන් ගත්තා. ඉන් ටික කලකට පසුව විද්‍යාත්මක ප්‍රබන්ධ පසුබිම් කරගෙන කාටුන් චිත්‍ර කතා නිර්මාණය කරන්නට කාටුන් චිත්‍ර ශිල්පීන් උනන්දු වුණා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/cowboy.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/Shane-1953-film-on-cowboy.jpg”]
කාටූන් චිත්‍ර කලාව අද ඉතා ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක් බවට පත්ව තිබෙනවා.ඒ බව ස්ටීවන් ස්පිල්බර්ග් වැනි ලෝ පතළ චිත්‍රපට නිර්මාණකරුවන් පවා කාටුන් චිත්‍ර කතා කේන්ද්‍ර කොටගෙන චිත්‍රපට නිෂ්පාදනය කිරීමට යාමෙන් පැහැදිලි වෙනවා. ස්පීල්බර්ග් සූදානම් වෙන්නේ ‘ටින් ටින්’ ලෝක ප්‍රසිද්ධ කාටුන් චිත්‍ර කතා පොත් පෙළ චිත්‍රපටයට නැගීමට යි. කුඩා දරුවන් අතර අතිශයින්ම ජනප්‍රියව ඇති මෙම චිත්‍ර කතා පෙළ, විශාල ලෙස මුදල් ප්රතිලාභ ලබන ව්‍යාපාරයක්ද වී තිබෙනවා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/tintincours.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/download-3.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/hero_EB20111220REVIEWS111229999AR.jpg”]
මෙම විද්‍යා ප්‍රබන්ධ පසුබිම් කරගෙන නිර්මාණය කරන ලද චිත්‍රකතා ද පසුකලක දී චිත්‍රපට ගතකිරීමට හොලිවුඩ් නිෂ්පාදකයෝ ඉදිරිපත් වුණා. ‘සුපර්මෑන්’ චිත්‍රපට ධාරාව මෙසේ කාටූන් චිත්‍ර තුළින් බිහිවූ නිර්මාණ කීපයක්. මෙම කාටුන් චිත්‍ර කතා කලාව තුළින් බිහිවූ සුපිරි වීරයන් කිහිප දෙනෙක් සිටිනවා. ස්පයිඩර් මෑන්, ද එක්ස් මෑන්, ද හල්ක්, බැට් මෑන්, වොන්ඩර් වුමන්, සුපර් මෑන් යන සුපිරි වීර චරිත බිහිවූයේ කාටුන්වලින්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/19432ac085f65cfb887a7e1ca9d2ff1b.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/x-man.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/Batman-Animated-action.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/dc-comics-wonder-woman-maquette-tweeterhead-feature-903234.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/5374455038-ras-9-4.jpg”]
සුපර්මෑන් චිත්‍ර කතාව පසුබිම් කරගෙන නිෂ්පාදනය කරන ලද කාටුන් චිත්‍රපටය 1941 දී තිරගත වුණා. ඉන්පසු සුපර්මෑන් චරිතයට හැබෑ ජීවයක් දීමට හොලිවුඩ් නිෂ්පාදකයන්ට අවශ්‍ය වී තිබුණා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මුලින්ම සුපර්මෑන්ගේ චරිතය පසුබිම් කරගෙන නිෂ්පාදනය කරන ලද ටෙලිනාට්‍ය මාලාවක් රූපවාහිනිය ඔස්සේ විකාශය වුණා. ඉන්පසු 1978 දී කි‍්‍රස්ටෝපර් රිව් නමැති රංගන ශිල්පියා සම්බන්ධ කරගෙන ‘සුපර්මෑන්’ නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. සුපිරි වීරයන්ගේ තවත් කාටූන් කතා පෙළක් වන ‘බැට් මෑන්’ මුලින්ම පේ්රක්ෂකයන් හමුවට පැමිණියේ 1939 දී පළකරන ලද ඩිටෙක්ටිව් කොමික්ස් (Detective comics)නමැති කාටුන් චිත්‍ර සඟරාව තුළින්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/61CuqRj4YnL._SY445_.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/batman1.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/bat-man3.jpg”]
බැට්මෑන් 1966 දී ටෙලි නාට්‍ය මාලාවක් බවට පත්වුණා.1962 දී නිකුත් වූ ‘ඇමේසන් ෆැන්ටසි’ කාටූන් චිත්‍රකතා පෙළ තවත් සුපිරි වීරයකු රසිකයන්ට හඳුන්වා දුන්නා. ඒ සුපිරි වීරයා වූයේ ‘ස්පයිඩර් මෑන්’ය. පසුකලකදී ටෙලි නාට්‍ය මාලාවක් වූ ස්පයිඩර් මෑන් 2000 දී සියලුම වාර්තා බිඳහෙලන චිත්‍රපටයක් ලෙස තිරයට පැමිණියා.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/ultimate_amazing_fantasy_by_supajoe.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/5770666-superman54.png”]
කාටුන් චිත්‍ර කතා පොත් පෙළට අලුතින් ම එක්වූ ‘ද එක්ස්මෙන් (The X man)නැමති චිත්‍රකතාව පසුබිම් කරගෙන එනම් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටය 2000 දී තිරගත වුණා. ‘ද ඉන්ක්‍රෙඩිබල් හල්ක්’ (The Incredible Hulk) නමින් පුංචි තිරයෙන් විකාශනය වුණු ටෙලි නාට්‍ය මාලාව ඔබට මතක ඇති. මේ චිත්‍රපටයද ‘ද හල්ක්’ නමැති කාටුන් චිත්‍ර කතා පෙළ කෙන්ද්‍ර කරගෙන නිෂ්පාදනය වූවක්.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/xman2.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/the-hulk.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/the-incredible-hulk-1069039-1280×0.jpeg”]
-ශානිකා රත්නායක-