Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය වර්ජනය අවසන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2018 11:10

දුම්රිය වර්ජනය අවසන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය සංගම් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ,

දුම්රිය වෘත්තීය සමිති සංගම් නියෝජිතයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවී පොළොන්නරුවේදී අදාළ ගැටලු පිළිබද සාකච්ඡාවක නිරත වුණා. ඒ අනුවයි අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට පියවර ගෙන ඇත්තේ. කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දුම්රිය වැඩවර්ජනය ආරම්භ වුණේ පසුගිය බදාදා පස්වරුවේයි. සිය දෛනික කටයුතු සදහා දුම්රිය ප්‍රවාහන සේවාව යොදාගන්නා මගීන් ඉන් දැඩි අපහසුතාවට ලක්වුණා. විශේෂයෙන්ම උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවුණා.  පසුගිය දින කිහිපයේ ගමනාන්තකරා යාමට නොහැකිව දිවයිනේ විවිධ දුම්රිය ස්ථානවල මගීන් අපහසුතාවට ලක්ව සිටි බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ඒ අතර විදේශ සංචාරකයින්ද වුණා. වැඩ වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට ජනතාවගෙන් එල්ලවුනේ දැඩි විරෝධයක්.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 12, 2018 11:10
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්