Life+News The Official News Portal of Independent Television Network Ltd

තුර්කියේ තීරුබදු දෙගුණ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 11:22

තුර්කියේ තීරුබදු දෙගුණ කිරීමට ට්‍රම්ප්ගෙන් තීරණයක්

තුර්කියෙන් ආනයනය කරන වානේ සහ ඇලුමිනියම් සදහා පැනවූ තීරු බදු දෙගුණ කිරීමට ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. මේ හේතුවෙන් තුර්කියේ ලීරා විනිමය වේගයෙන් කඩා වැටීමකට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තුර්කියෙන් ගෙන්වන ඇලුමිනියම් සදහා සියයට විස්සක තීරු බද්දක්ද , වානේ සදහා සියයට පනහක තීරු බද්දක්ද පනවන බව ඇමරිකා ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. මෙම සිදුවීම ඇමරිකානු වෙළද යුද්ධයේ නවතම පියවරක් බවයි විදෙස් වාර්තා පෙන්වා දෙනේනේ. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටින්නේ ශක්තිමත් අමෙරිකා ඩොලරයට සාපෙක්ෂව සියළු මුදල් වර්ග දුර්වල වී ඇති බවයි. තවද තුර්කිය සහ ඇමරිකාව අතර මෙම අවස්ථාවේදී යහපත් සබදතාවක් නොමැති බවද එම පණිවුඩයේ සදහන්. ඊට ප්‍රතිචාර දක්වමින් තුර්කි ජනාධිපතිවරයා කියා සිටියේ මෙය විදේශ බලවතුන්ගේ නායකත්වයෙන් යුත් උද්ඝෝෂණයක කොටසක් බවයි. තුර්කියද ඇමරිකාවේ බදු පියවරයන්ට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර ඇමරිකාව සහ තුර්කිය අතර රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක්ද නිර්මාණය වී තිබෙනවා. ඒ ත්‍රස්තවාදී චෝදනා හේතුවෙන් ඇමරිකානු ක්‍රස්තියානි පූජකවරයෙකු නිදහස් කරන ලෙස  ඇමරිකාව සිදු කළ ඉල්ලීමක් තුර්කිය ප්‍රතික්ෂේප කිරීමත් සමගයි. ඊට ප්‍රතිචාර ලෙස ඇමරිකාව තුර්කි අමාත්‍යවරුන් දෙදෙනෙකුට එරෙහිව සම්බාදක පැනවීමටද පියවර ගත්තා. ඇමරිකාව තුර්කියට නව බදු පැනවීමත් සමග දෙරට අතර පවතින මත බේදාත්මක තත්වය තවදුරටත් වර්ධනය විය හැකි බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor අගෝස්තු 11, 2018 11:22
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්