රුමේනියාවේ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් හටගත්තා. පනස් දහසකට ආසන්න පිරිසක් රාජ්‍ය විරෝධී උද්ඝෝෂණයකට එක්ව සිටි බවයි රුමේනියා පොලිසිය සදහන් කළෙ. ඔවුන් පොදු දේපල වලට හානිිකිරිමට උත්සාහ දරා තිබෙනවා. විරෝධතාකරුවන් පාලනය කිරිම සදහා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළා. එහිදි දෙපාර්ශවය අතර ගැටුම් හටගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තාකළේ. විරෝධතාකරුවන් සියයකට පමණ තුවාල සිදුව තිබෙනවා. පොලිස් නිලධාරින් දස දෙනෙකු ද බරපතල තුවාල ලබා ඇතැයි රුමේනියා බලධාරින් ප්‍රකාශ කළා.