Life+News The Official News Portal of Independent Television Network Ltd

හැමෝගෙම ඔත්තු බලන රහස් ඒජන්සි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 18:04

හැමෝගෙම ඔත්තු බලන රහස් ඒජන්සි

දැන් ඕනම කෙනෙක් රහස් ඔත්තුකාරයෙක් වෙන තරමටම විවිධ ෆිල්ම්වලින් වැඩ පෙන්නලා අපිව පිස්සු වට්ටලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මේ තියෙන්නේ ලොව පුරා පවතින රහස් ඔත්තු බලන විශාලතම ඒජන්සි කිහිපයක්

 

C. I. A. (Central Intelligence Agency) – ඇමරිකා එක්සත් ජනපදය

 

මේ තියෙන්නේ ඇමරිකාවේ ප්‍රතිපත්තිවලට හානිදායක වෙන්න හරි බලපෑමක් වෙන්න හරි පුලුවන් රටවල රහස් ඔත්තු බලන විශාලතම ඒජන්සිය. මේකෙන් ඔත්තු හොයන්නේ වෙන රටවල රජයන්, රාජ්‍ය යාන්ත්‍රණ ගැන විතරක් නෙවෙයි. දැවැන්ත සමාගම්, තනි පුද්ගලයෝ වගේ ඇමරිකාවට හොඳ හෝ නරක බලපෑමක් කරන්න පුලුවන් හැම කෙනෙක්වම මේ අයගේ රේඩාර් එකට අහුවෙනවා. ඒ වගේම තමන්ට අයිති නැති වැඩත් C. I. A එකෙන් කරනවා කියලා චෝදනා එහෙමත් එල්ල වෙනවා.

 

M. I. 6 (Secret Intelligence Service) – එක්සත් රාජධානිය

ඒ තමයි මහ‍රැජිණගේ ඔත්තු සේවය හෙවත් M. I. 6 . හැබැයි ඇත්තටම මේ බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවය වගකියන්නේ විදේශ කටයුතු සහ පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලයටයි. ඇමරිකානු C. I. A  වගේම බ්‍රිතාන්‍යය වෙනුවෙන් බ්‍රිතාන්‍යයට බලපෑමක් වෙන්න පුලුවන් පුද්ගලයින්, සමාගම්, රාජ්‍යයන් ගැන ඔත්තු බලන M. I. 6 ගැන අලුත් ආරංචියකුත් එලියට ඇවිල්ලා තියනවා. ඒ තමයි ජේම්ස් බොන්ඩ් ‍ෆිල්ම්වල තියෙනවා වගේ ඇත්තටම මේ ඒජන්සිය වෙනුවෙන් ගැජට් ඩිසයින් කරන Q කියලා ඩයල් එකක් ඉන්නවාය කියන එක. කොහොම වුනත්එC. I. A වගේම විවිධ චෝදනාවලටත් ලක් වෙන M. I. 6  අදත් ලෝකේ රහස් ඔත්තු සේවා අතරේ ප්‍රබල තැනක තියෙනවා.

 

S. V. R. (Foreign Intelligence Service) – රුසියාව

රුසියාව කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ කේ. ජී. බී රහස් ඔත්තු සේවාව ගැන. හැබැයි එකක් කේ. ජී. බී. එකක් දැන් නෑ. අනික රුසියාවට එල්ල වෙන්න පුලුවන් ත්‍රස්ත ක්‍රියා මැඩලන්න සහ රටින් පිට රුසියාවට බලපෑම් කරන්න පුලුවන් ඕනෑම කෙනෙක්, ඕනෑම දෙයක් ගැන ඔත්තු බලන්න විශේෂයෙන්ම පිහි‍ටුවලා තියෙන්නේ S. V. R. එක.

 

MOSSAD ඊශ්‍රායලය 

MOSSAD කියන්නේ ලෝකේ තියෙන ප්‍රබලතම වගේම නවත්වන්න බැරි රහස් ඔත්තු සේවයක්. ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්ත කල්ලිවල ක්‍රියාකාරකම් එක්ක සටන් කිරීමේ විශේෂඥයන් වුණු MOSSAD එක ඊශ්‍රායලයේ සතුරන්ට කිසිම මොහොතක සමාවක් දීලා නම් නැහැ. විශේෂයෙන්ම නාසි නායකයෙක් වුණු ඇඩොල්ෆ් අයික්මාන් ආජන්ටිනාවෙන් 1960 දී පැහැරගෙන ඒම, 1972 මියුනිච් ඔලිම්පික් උළෙලේදී ඊශ්‍රායල ක්‍රීඩක කණ්ඩායම ඝාතනයට වගකියන්න ඕන හැම කෙනෙක්වම අවුරුදු විස්සක් ඇතුළත ලුහුබැඳ ගිහින් මරා දැමීම වගේම 84 දී ඉතියෝපියානු යුදෙව්වන් දහස් ගණන් රහසේ රටට ගුවන් මගින් අරගෙන ඒම වගේ දේවල් MOSSAD එකත් එක්ක ඇහෙන කතාන්තර. මේ වෙනකොට MOSSAD රහස් ඔත්තු සේවය වඩාත් පැහැදිලි සහ පාරදෘශ්‍ය බවකින් වැඩ කරනවා කියලා පෙනුනත්,MOSSAD එකේ වැඩ තාක්ෂණීයයි, එල්ලය නිවැරදියි වගේම බිහිසුණුයි.

 

I. S. I. (Inter-Services Intelligence) – පාකිස්තානය

පකිස්තානයේ විදේශ රහස් ඔත්තු සේවයට තියෙන්න පුලුවන් අරමුණ මොකක්ද? ඒ කාරණාව ඉෂ්ට සිද්ධ කරගන්න පකිස්තාන් I. S. I. රහස් ඔත්තු සේවය කැපවෙලා ඉන්නේ. හැබැයි මේ වෙනකොට ලෝකේ තවත් ප්‍රබලතම රහස් ඔත්තු සේවයක් විදියට මේ රහස් ඔත්තු සේවය වර්ධනය වෙලා තියෙනවා.

 

M. S. S. (Ministry of State Security) – චීනය

චීන රහස් ඔත්තු සේවා ගැන තියෙන පොදු මතයක් තමයි, ඇමරිකාව රුසියාව විතරක් නෙවෙයි, අනික් හැම ලෝක බලවතෙකුගේම නහය යට චීන ඔත්තුකාරයෝ රඳවලා තියෙනවා කියන එක. විශේෂයෙන්ම ඇමරිකාවේ චීනය තමන්ගේ රහස් ඔත්තු බැලීමේ කටයුතු බොහොම දරුණුවට ක්‍රියාත්මක කරනවා කියලා අපි හිතනවා. ලෝකේ අනික් රහස් ඔත්තු සේවා ඔත්තු බලනකොට, M. S. S චීන රහස් ඔත්තු සේවා දත්ත එකතු කිරීම සහ විශ්ලේෂණය කිරීමට වැඩි බරක් ලබාදෙනවා.

 

R. A. W. (Research and Analysis Wing) – ඉන්දියාව

ඉන්දියාවේ R. A. W රහස් ඔත්තු සේවාව ගැන අපිට සෑහෙන්න අහන්න ලැබෙනවා. ඉතින් R. A. W එක අල්ලපු රටේ වැඩකටයුතු ගැන අවධානයෙන් ඉන්නවා කියන එක පුදුමයක් නෙවෙයිනේ. කාලය ගතවීමත් එක්ක R. A. W ඔත්තු සේවාව ලෝකේ තියෙන විශිෂ්ටතම ඔත්තු සේවාවක් විදියට වර්ධනය වෙනවා.

 

D. G. S. E. (Directorate-General for External Security) – ප්‍රංසය

ප්‍රංසයෙන් පිටත බුද්ධි අංශ කටයුතු සහ ප්‍රති-බුද්ධි මෙහෙයුම්වලට වගකියන ඒජන්සිය තමයි D. G. S. E කියන්නේ. හැබැයි මේ ඒජන්සිය ප්‍රංසයේ පිහි‍ටුවලා ඒ තරම් කාලයක් නැහැ. මේ අයගේ ප්‍රධානතම වැඩ කටයුතු වෙන්නේ ප්‍රංසයෙන් පිට ඕනෑම රටක්, ඕනෑම කෙනෙක්, ඕනෑම සමාගමක් ප්‍රංසයේ හමුදාමය හරි දේශපාලනමය හරි ප්‍රතිපත්තිවලට බලපෑමක් සිද්ධ කරනවා නම්, ඒ ගැන තොරතුරු එකතු කිරීම. කොහොමත් පන්දාහකට අධික සේවක ප්‍රමාණයක් ඉන්න මේ ප්‍රංස විදෙස් ඔත්තු සේවාවට ලොකු බජට් එකක් එහෙමත් වෙන් වෙනවා කියලා කියනවා.

 

B. N. D. (Bundesnachrichtendienst) – ජර්මනිය

ජර්මානු චාන්සලර්වරයාගේ කාර්යාලය යටතේ තියෙන B. N. D එක තමයි ජර්මනියේ විදෙස් බුද්ධි අංශය විදියට වැඩ කරන්නේ. මේ ඒජන්සිය ගැන කතා කරන කෙනෙක් මුලින්ම කියන දේ තමයි මේ අයගේ තියෙන ටෙක්නොලොජි දියුණුව. විශේෂයෙන්ම ජර්මානු රජයට විදේශයන්ගෙන් එල්ල වෙන තර්ජන ගැන කලින්ම ජර්මානු ආණ්ඩුව දැනුවත් කරන්න තියෙන අනතුරු හැඟවීමේ සිස්ටම් එකක් විදියට වැඩ කරන B. N. D එක ජාත්‍යන්තර ත්‍රස්තවාදය, සංහාරක අවි, නීතිවිරෝධී තාක්ෂණයන් හුවමාරුව, සංවිධානාත්මක අපරාධ, ආයුධ සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මුදල් විශුද්ධීකරණය විතරක් නෙවෙයි, නීතිවිරෝධී සංක්‍රමණය ගැනත් ඇහැ ගහගෙන ඉන්න බවටයි ආරංචි වෙන්නේ.

 

-ශානිකා රත්නායක-

(අන්තර්ජාල ඇසුරින්)

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 18:04
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්