Life+News The Official News Portal of Independent Television Network Ltd

තලාවේ කසල ගැටලුව කුණු වෙයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 17:27

තලාවේ කසල ගැටලුව කුණු වෙයි

අනුරාධපුර තලාව ප්‍රාදේශීය සභාව සිදුකරන කසල බැහැර කිරීමක් හේතුවෙන්  ඔරුගලයාය රජයේ රක්ෂිතය අවට ගම්වාසීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. තලාව ප්‍රාදේශීය සභාව පාලනය වන්නේ පොදුජන පෙරමුණ යටතේයි. කර්මාන්තශාලා හා වෙළෙදසැල් ආදියෙන් බැහැර කරන කැළි කසළ ප්‍රාදේශීය සභාවෙන්ම මෙසේ ඔරුගලයාය රජයේ රක්ෂිතයට ගෙනැවිත් දමන බව ගම්වාසීන් පවසනවා. ප්‍රාදේශීය සභාව තුළ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක් පැවතියද ඉන් කසළ කළමනාකරණයක් හෝ කොම්පෝස්ට් නිෂ්පාදනයක් පවා සිදු නොවන බව වාර්තා වනවා.  ප්‍රාදේශීය සභාව සදහා කසළ බැහැර කිරීමට භූමියක් වෙන් කර තිබුණද රක්ෂිතයේ  තැනින් තැන අපද්‍රව්‍ය බැහැර කිරීම තුළින් පැහැදිලි වන්නේ ප්‍රාදේශීය සභාවේ අක්‍රමවත් පාලනය බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. තලාව ප්‍රාදේශීය සභාවේ බලය පොදු ජන පෙරමුණ ලබා ගත්තේ  ප්‍රදේශයේ ගැටලු සදහා විසදුම් ලබාදෙන බවට පවසමින් වුවද ප්‍රාදේශීය සභාව විසින්ම ප්‍රදේශයේ ගැටලු ඇති කිරීම ගැන ජනතාව සිය අප්‍රසාදය පළ කර සිටිනවා.

ජනතාව,

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 17:27
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්