Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති ගල්කිරියාගම දරුවන්ගේ ඉල්ලීම් ඉටු කරයි

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 17:09

ජනපති ගල්කිරියාගම දරුවන්ගේ ඉල්ලීම් ඉටු කරයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ මැදිහත්විමෙන් ගල්කිරියාගම ප්‍රදේශයේ තවත් දරුවන් පිරිසකගේ ඉල්ලීම් ඉටු කෙරුනේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට තවත් පන්නරයක් එක්කරමින්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් පසුගියදා ජාතික නාමල් උයනේ පැවති වැඩසටහනකට සහභාගී වුණා. ජනාධිපතිතුමන් ගමන්ගත් ගුවන් යානය එහිදී ගොඩබැස්සවූයේ ගල්කිරියාගම, පුබ්බෝගම, කටුපත්තාගම ටිකිරි පෙර පාසල යාබදව පිහිටි ක්‍රීඩාංගනය අසලටයි. පෙරමග බලා සිටි මල්වැනි දූ දරුවන් පිරිස ජනාධිපතිතුමන්ව පිළිගත්තේ මහත් සෙනෙහසින්. කෙතරම් කාර්යබහුල වුවද ජනාධිපතිතුමන් ඉතා ඕනෑකමින් ඔවුන්ගේ හඩට සවන් දුන්නේ සැබෑම පිය සෙනෙහසින් යුතුවයි. දරුවන්ගේ නැණ ගුණ වැඩුම වෙනුවෙන් වසර 19ක පමණ කාලයක සිට මෙම පෙරපාසල පවත්වාගෙන එන්නේ අඩුපාඩුකම් රැසක් මධ්‍යයයේයි.

රුවන්ගේ ගැටලුවලට සාවදානව ඇහුම්කන් දුන් ජනාධිපතිතුමා එම ගැටලු කඩිනමින් නිරාකරණය කර ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. පෙර පාසලට විදුලි පහසුකම් ලබා ගැනීමට මෙන්ම දරුවන්ගේ ආරක්ෂාව සදහා වැටක් ඉදි කර ගැනීම පිළිබදව ද මෙහිදී  ඉල්ලීමක් කෙරුණා. ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදී කඩිනමින් එය ඉටු කිරීමට පියවර ගන්නා බවයි ජනාධිපති අතිරේක ලේකම් , මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් චන්ද්‍රසිරි විතාන මහතා ප්‍රකාශ කළේ. මේ අතර මෙම ස්ථානයට රැස්ව සිටි ප්‍රදේශවාසීන්ගේ සුවදුක් විමසීමට ද ජනාධිපතිතුමන් අමතක කළේ නැහැ. පුබ්බෝගම උප තැපැල් කාර්යාලයේ අලුත්වැඩියා කටයුතු පිළිබදව ප්‍ර දේශවාසීන් කළ ඉල්ලීම ද වහා ඉටුකරන ලෙස ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 17:09
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්