අන්තර් පාසල් වයස අවුරුදු 16 න් පහළ සමස්ත ලංකා පාසල් රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ වෙස්ලි විදුහල සමත්වුණා. දින දෙකක් පුරා දිගන පළාත් සභා ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට කණ්ඩායම් රැසක් එක්ව සිටියා. එහි කුසලාන ශූරතාව කොළඹ වෙස්ලි විදුහල දිනාගනිද්දී මහනුවර ධර්මරාජ විදුහලයි එහි අනුශූරතාව දිනාගත්තේ. කොළඹ ඉසිපතන විදුහල පළඟ ශූරතාව දිනාගත්තා. බඳුන ශූරතාව හිමිවූයේ ගල්කිස්ස විදුහල් කණ්ඩායමටයි. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය පළිහ ශූරතාව දිනාගැනීමට සමත්වුණා.