Life+News The Official News Portal of Independent Television Network Ltd

විජයකලාගේ ප්‍රකාශය සම්බන්ධ මූලික විමර්ශන අවසන්

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 15:00

විජයකලාගේ ප්‍රකාශය සම්බන්ධ මූලික විමර්ශන අවසන්

එල්ටීටීඊ ය යළි පිහිටු විය යුතු යැයි හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශන අවසන් කර තිබෙනවා. ඇය අදාළ ප්‍රකාශය කළ බව කියන අවස්ථාවේ උත්සව ශාලාවේ සිටි මැති ඇමතිවරුන් හය දෙනෙකු සහ රාජ්‍ය නිලධාරීන් දාහතර දෙනෙකු සහ මාධ්‍යවේදීන් තිස් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද දැනුම් දුන්නා.

ඒ අනුව විමර්ශනවලට අදාළ උද්ධෘත නීතිමය උපදෙස් ලබා ගැනීම සදහා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි එම කොට්ඨාසය තවදුරටත් දැනුම් දුන්නේ. නීතිපති උපදෙස් ලැබෙන තුරු නඩුව කැදවීමේ දිනයක් ලබා දෙන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව මෙම නඩුව ඔක්තෝබර් 19 වනදා යළි කැදවීමට නියමිතයි. සිද්ධියට අදාළ වීඩියෝ දර්ශනවල අන්තර්ගතය සිංහල හා දෙමළ භාෂාවලින් ලිඛිතව ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට මීට පෙර නියෝග කර තිබුණා. පසුගිය ජූලි මස දෙවනදා යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රාජ්‍ය උත්සවයකදී හිටපු අමාත්‍යවරිය මෙම ප්‍රකාශය කර ඇති බවට පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, දණ්ඩනීති සංග්‍රහය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් අදාළ ප්‍රකාශය කර ඇති බවද පොලීසිය ප්‍රකාශ කර තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 10, 2018 15:00
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්