අගෝස්තු මස 12වනදා සිට දිවයිනේ, විශේෂයෙන් නිරිත දිග කොටසේ, වැසි තත්ත්වයේ සහ සුළං වේගයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.සබරගමුව, මධ්‍යම සහ බස්නාහිරපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇතිවේ.වයඹ පළාතේ සිහින් වැසි ඇතිවිය හැක.මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ කළුතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැකියි.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ලහරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවලවැසි වාර කිහිපයක්ඇති විය හැක.දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වාසහ හම්බන්තොටසිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 55 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතින අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක්රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.