දුම්රිය වැඩවර්ජනය ඉතා අසාධාරණ එකක් බව පවසන ජනතාව වර්ජිත සේවකයන්ට දැඩි විරෝධය පළකරනවා. ඔවුන් පවසන්නේ පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීම සදහා අහිංසක මගීන් බිල්ලට ගැනීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලාදකින බවයි. මේ අතර ජනතාවට හැකි උපරිම අයුරින් ප්‍රවාහන සේවා සැපයීමට අදාළ අංශ කටයුතුකර තිබෙනවා.
කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව දුම්රිය වැඩවර්ජනය ආරම්භ වුණේ පෙරේදා පස්වරුවේ සිටයි. ඒ හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවට ලක්වුණා. විශේෂයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සිදුවූයේ බලවත් අසාධාරණයක්. අද දිනයේද සිය ගමනාන්තකරා යාමට නොහැකිව කොටුව දුම්රිය ස්ථානය ඇතුළු දිවයිනේ විවිධ දුම්රිය ස්ථානවල මගීන් අපහසුතාවට ලක්ව සිටින අයුරු දැකගත හැකිවූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. විදේශ සංචාරකයින්ද ඒ අතර වනවා. වැඩ වර්ජනය කරන දුම්රිය සේවකයින්ට ජනතාවගෙන් එල්ල වුණේ දැඩි විරෝධයක්.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=zPkjSL9NctA&feature=youtu.be”]
මේ අතර වැඩවර්ජන පැවතියද අද දිනයේ ද දුම්රිය 9 ක් ධාවනයට එක්කර ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ මහතා පවසනවා.
ආචාර්ය විජය සමරසිංහ – අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී,
[ot-video type=”youtube” url=”https://youtu.be/qTzA2iqMDHw”]
දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින මගීන් සදහා අමතර බස් රථ සේවා යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සදහන් කළා.
රමාල් සිරිවර්ධන – සභාපති – ලංකා ගමනාගමන මණ්ඩලයේ ,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=QcnjiHuQWC0&feature=youtu.be”]
දුම්රිය වැඩවර්ජනය පටු අරමුණු මුදුන් පමුණුවා ගැනීමේ අරමුණෙන්ම ක්‍රියාත්මක වන්නක් බවයි මැතිඇමතිවරුන් අවධාරණය කරන්නේ.
අමාත්‍ය පාඨලී චම්පික රණවක,
[ot-video type=”youtube” url=”https://youtu.be/tLhcNnFRCW8″]
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=tXe-tppbx_E&feature=youtu.be”]