සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත පස්වන එක්දින තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව අද දිනයේ විශේෂ පුහුණු සැසියකට එක්වීමට නියමිතයි.
දෙරට අතර පස්වන හා අවසන් එක්දින තරගය ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී ලබන ඉරිදා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ මෙතෙක් පැවති තරග අතරින් තරග තුනක ජය දකුණු අප්‍රිකාව සතුවුණා. හතරවන එක්දින තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව හිමිකර ගත්තා. ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේ දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිත අවසන් තරගය වෙනුවෙන් කණ්ඩායම් දෙකම අද දිනයේ සිට පුහුණු සැසි සදහා එක්වනු ඇති.