යේමනයේ පාසල් සිසුන් රැගත් බස් රථයකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් සිසුන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධියෙන් පාසල් සිසුන් 30 ක් පමණ තුවාල ලබා තිබෙන බව ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය පවසනවා. මියගිය සිසුන්ගෙන් බොහෝ දෙනෙකු වයස අවුරුදු 15 ට වඩා අඩු බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. මෙම බස් රථයේ ගමන් ගත් පිරිස ක්ෂේත්‍ර චාරිකාවක ගොස් නැවත පාසල වෙත එන අතරතුරයි මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ.