Life+News The Official News Portal of Independent Television Network Ltd

අතීතය අමතක කර රාජපක්ෂලා කියන අමුතු කතන්දර

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2018 20:08

අතීතය අමතක කර රාජපක්ෂලා කියන අමුතු කතන්දර

ඇත්ත අතිසැටියෙන් දැකීමට බිය පුද්ගලයන් සිටිති. ඒ බොරුව තමගේ ජීවිතය කර ගත් තක්කඩියන්ය. ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ බොරුව සමාජය විසින් පිලිගන්නා තෙක් පමණි.  මේ නිසා දිගින් දිගම  බොරු කියනවා හැර ඔවුන්ට වෙන කරන්න දෙයක් නැත. ඒවා පිළිගැනීම නොපිළිගැනීම ඒ ඒ පුද්ගලයන්ගේ බුද්ධි මට්ටම් හා රඳාපවතී. 2015 වසරේදී මේ රටේ බුද්ධිමත් ජනතාව රාජපක්ෂලාගේ මජර පවුල් ආණ්ඩුව පෙරලා දැම්මේ තවදුරටත් රාජපක්ෂලා සමග මේ රටට අනාගතයක් නැති බැවීනි. බොරුවෙන් වංචාවෙන් තුවක්කුවේ බලයෙන් පාලනය කළ ඒ යුගයේ රට විනාශ කරනු ලැබීය. අදත් ඒ විනාශයට ගෙවිය යුතු වන්දිය ගෙවීමට රට සමත්ව නැත.

ඒ රාජපක්ෂලාගේ මජර යුගය ගැන අමතක කරන්නට තරම් තවමත් කාලයක් ගෙවී ගොස් නැත.

එහෙත් විහිලුව නම් තමන්ගේ අතීතයේ ඇත්ත කෙරුවාව අමතක කර දැන් රාජපක්ෂලා අමුතු කතන්දර කීමය.

මේ රාජ්‍ය මාධය ගැන මහින්දගේ තවත් අපූරු කතාවකි.

රාජ්‍ය මාධ්‍ය පුද්ගලයන්ට එරෙහිව මඩ ගැසීම වෙනුවෙන් පාවිච්චි කළේ කවර යුගයකදීද යන්න මේ රටේ පුරවැසියන්ට අමතක නැත. පට්ට පල් බොරු පදනම් විරහිත චෝදනා ගොතමින් දේශපාලන විරුද්ධවාදීන්ට මඩ ගැසීම පමණක් නොව රාජපක්ෂලාගේ මිනීමරු මිලිටරි ජුන්ටාව හරහා විනාශ කළ දේ සාධාරණීකරණය කිරීම පවා එදා සිදුකළේ තුච්ඡ ලෙසය.

අද රාජ්‍ය මාධ්‍ය කටයුතු කරන්නේ එදා රාජපක්ෂලාගේ තියරියට නොව ඇත්ත ඇති සැටියෙන් පුරවැසියා වෙත සංනිවේදනය කිරීම වෙනුවෙනි. එදා මෙන් පිස්තොල අතේ තියාගෙන රාජ්‍ය මාධ්‍ය පාලනය කළ ප්‍රධානීන් අද මෙවායේ නැත. සල්ලාල ලොකු මහත්වරු අද මෙවායේ නැත. ආයතන වල දේපොළ විකුණාගෙන කෑ හොරු අද මෙවායේ නැත. රාජ්‍යයේ සංවර්ධනය වෙනුවෙන් පොදු මහජන යහපත පිණිස සාමය සංහින්දියාව සහතික කිරීම සඳහා රාජ්‍ය මාධ්‍ය වගකීම් සහගතව කටයුතු කරනවා විනා එක එකාට මඩ ගහන ප්‍රතිපත්තියක නැත.

ජනතාවගෙ බදු මුදලෙන් යැපෙනවා වෙනුවට තමන්ගේ ස්වශක්තියෙන් මේ ආයතන පවත්වාගෙන යැමට අද හැකියාව ලැබී තිබේ. රාජ්‍ය මාධ්‍ය බංකොලොත් කරනු ලැබුවේ රාජපක්ෂලා විසින්ය. මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට බරපතල අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසම තීරණය කළේ ද මේ ITN ආයතයට සිදුකළ රුපියල් මිලියනයක බරපතල පාඩුව නිසාය. එදා ITN සතු ගුවන් තරංග හා දේපොල කොල්ල කාගෙන රාජපක්ෂ පවුලේ CSN රුපවාහිනී නාලිකාව ගොඩනැගුවේය. එතකොට මේවා රාජ්‍ය දේපොළ බව මහින්ද රාජපක්ෂ හිතුවේ නැත. එදා මෙවා තමන්ගේ පෞද්ගලික බූදලයක් ලෙස සලකා කටයුතු කළේය.

රාජ්‍ය යාන්ත්‍රණයම හොරකමෙන් වංචාවෙන් විනාශ කර දමා ජනතාවග් බදු මුදල් හොරා කෑ රාජෂක්ෂලා දැන් කරන කාලකන්නි විහිළු වලින් පොල්ලෙලි පාක්ෂිකයින් සැනසිය හැකි නමුත් රටේ බුද්ධිමත් පුරවැසියා රැවටිය නොහැක.

මේ ගැහුවේ මඩ නොවේය. ඇත්ත ඇති සැටියෙන් පැවසීම පමණි.

දැනට මේ ඇති සෙස්ස පස්සට

-තත්පර 180

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 9, 2018 20:08
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්