ගජබා සුපර් ක්‍රොස් තරගාවලිය මෙවර ලබන 19 වැනිදා අනුරාධපුර සාලියපුර ගජබා සුපර් ක්‍රොස් ධාවන පථයේදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
1999 වසරේ ආරම්භ වූ ගජබා සුපර්ක්‍රොස් ධාවන තරගාවලිය 2007 වසර දක්වා අඛණ්ඩව පැවැත්වුණා. අනතුරුව 2010 වසරේ සිට යළිත් ආරම්භ වූ තරගාවලිය මේ වන විට ඉහළ තරගකාරීත්වයක් සහිතව පැවැත්වෙනවා. මෙවර තරගාවලියේදී වයස් කාණ්ඩ තුනක් යටතේ යතුරුපැදි ඉසව් තුනක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. මෝටර් රථ හා යතුරුපැදි ඉසව් දහතුනකින් තරගාවලිය සමන්විතයි. 17 වන වරටත් පවත්වන මෙවර තරගාවලියෙන් හිමිවන මුදල් යුද්ධයේදී දිවි පිදූ හා අතුරුදන් වූ ගජබා රෙජිමේන්තු නිලධාරීන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ මෙන්ම ආබාධිත සෙබලුන්ගේ සුබසාධනය වෙනුවෙන්ද යෙදවීමට නියමිතයි.