දකුණු අප්‍රිකාව හමුවේ ලද එක්දින ක්‍රිකට් පරාජයන් රැල්ල නිමාවට පත් කරමින් ශ්‍රී ලංකාව සිව්වන එක්දින තරගයේදී ලකුණු තුනක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වුනා. දකුණු අප්‍රිකාව සමග පැවති අවසන් එක්දින තරග එකොළහේදීම පරාජයට පත් වූ ශ්‍රී ලංකාව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවති අවසන් එක්දින තරග හතරේදීම පරාජයට පත්වුණා. එවන් ඉතිහාසයක් සමග සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවති හතරවන එක්දින තරගයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු තුනක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමටයි දකුණු අප්‍රිකාව තීරණය කළේ. තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ලවීමත් සමග එක් ඉනිමක් පන්දුවාර තිස්නවයකට සීමා කිරීමට විනිසුරුවන් තීරණය කළා. ඒ අනුව පළමුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර තිස්නවය අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 306 ක් ලබා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකා ඉනිමටද විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. පන්දුවාර විසිඑකකදී ලකුණු 191 ක් ලබා ගැනීමේ ඉලක්කයයි ඔවුන්ට හිමි වුණේ. කෙසේ වෙතත් ඔවුන්ට කඩුලු නවයක් දැවී ලබාගත හැකි වුණේ ලකුණු 187 ක් පමණයි. කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කිරිම තරගයේ ජයග්‍රහණයට හේතු වූ බව තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී තිසර පෙරේරා කියා සිටියා.
තිසර පෙරේරා,
[ot-video type=”youtube” url=”https://youtu.be/7jxjMDk9SLY”]
මෙම තරගයෙන් අනතුරුව ප්‍රේක්ෂකයින් විනාඩි දහයක් ගතවීමටත් පෙර ක්‍රීඩා පිටියේ තැන තැන තිබූ කැළිකසල සියල්ල එක් තැනකට එක්රැස් කරන ආකාරය මෙලෙස දක්නට ලැබුණා. මෙවැනි තත්ත්වයක් තරගයකින් අනතුරුව ශ්‍රී ලංකාවේදී දැකගන්නට ලැබුණේ මෙම තරගාවලියේදීයි.