මැලේසියා හිටපු අගමැති නජීබ් රසාක්ට මුදල් විශුද්ධිකරණයට අදාළව චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබෙනවා. රාජ්‍ය අරමුදල් අවභාවිත කළ බවටයි මැලේසියා හිටපු අගමැතිට චෝදනා එල්ල වුණේ. පසුගිය ජුලි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අග්‍රාමාත්‍යවරයාට සාපරාධී විශ්වාසය කඩකිරීම සම්බන්දයෙන් ද චෝදනා එල්ල වුණා. කෙසේ වෙතත් මෙම චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.