ගල්ගමුව දළපූට්ටුවා නමැති ඇතාගේ ඝාතන නඩුවේ තුන්වන විත්තිකරුගේ දුරකතන සංවාද අඩංගු වාර්තාව අධිකරණයට අද ඉදිරිපත් කෙරුණා.
ඩී එන් ඒ වාර්තාවද හැකි ඉක්මනින් ලබාදෙන ලෙසටයි මහේස්ත්‍රාත්වරිය අදාළ ආයතනයට නියෝග කළේ. සැකකරුගේ දුරකතන සංවාද ඇතුළත් පිටු සංඛ්‍යාව එක්දහස් හත්සිය දහයකින් සමන්විත වුණා. මෙහිදී මහව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් රහස් පොලිස් නිලධාරීන් සදහන් කළේ ඇත්දළ සහ ගජමුතු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති මෝටර් රථය නීති විරෝධීව මෙරටට ගෙන්වා ඇති බැවින් ඒ පිළිබදවද පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය බවයි. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ඔන්තෝබර් දහවනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.