වසර 15 ක් තිස්සේ ගුහාවක රදවා තබා ගනිමින් ලිංගික අපයෝජනය කළ තරුණියක් සොයා ගැනීමට ඉන්දුනීසියා පොලීසිය සමත්වුණා. එම කාන්තාව සොයාගෙන ඇත්තේ සුලාවසී පළාතේ බාජුගන් නමැති ගම්මානය ආසන්නයේ පිහිටි විශාල පර්වතයක් පිටුපසදීයි. මේ වනවිට වයස අවුරුදු 28 ක් වන කාන්තාව සොයා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කෙරුණේ පොලීසියට ලැබුණු තොරතුරකට අනුවයි. මෙම කාන්තාව රදවා තබාගත් පුද්ගලයා වයස අවුරුදු 83 ක් වන අයෙකු බවටයි හදුනාගෙන තිබෙන්නේ. රෝග සුව කිරීම සම්බන්ධයෙන් ඔහු ප්‍රසිද්ධියක් දරා ඇති අතර දෙමව්පියන් වයස අවුරුදු 13 දී මෙම කාන්තාව අදාළ පුද්ගලයා ළඟට කැඳවාගෙන ගොස් තිබෙනවා. පසුව ඔහු දෙමව්පියන්ට පවසා ඇත්තේ එම කාන්තාව දුර ප්‍රදේශයක සිටින බවයි. මෙම සියලු චෝදනා වලට ඔහු වැරදිකරු වුවහොත් වසර 15 ක සිර දඩුවම් හිමිවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/1799203.jpg”]
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/gjlhj.jpg”]