2018-08-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ.
පාර්ලිමේන්තු සංකීර්ණයේ සිදු කළ යුතු අලුත්වැඩියාවන් සඳහා උපදේශක සේවා ලබාගැනීම
– ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණ ගොඩනැඟිල්ල 1982 වර්ෂයේදී ඉදි කරනු ලැබ ඇති අතර, පසුගිය වසර 35ක කාලසීමාව තුළ එම ගොඩනැගිලි සංකීර්ණයේ ප්‍රධාන අලුත්වැඩියාවන් කිසිවක් සිදු කර නොමැත. ඒ අනුව, පාර්ලිමේන්තු සංකීර්ණයේ කඩිනමින් සිදු කළ යුතුයැයි හඳුනාගෙන ඇති අලුත්වැඩියාවන් සිදු කරගැනීම සඳහා වන උපදේශක සේවාව, පාර්ලිමේන්තුවේ කාර්යමණ්ඩල උපදේශක කාරක සභාවේ නිර්දේශයද සලකා නාගරික සංවර්ධන අධිකාරිය වෙතින් ඉටු කරගැනීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමඟේ ඇති වූ ජල කාන්දුව නිසා බලපෑමට ලක්වූ නිවාස හිමියන්ට සහන සැලසීම
– උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වූ පදිංචිකරුවන් වෙත මාස 06ක උපරිමයකට යටත්ව මාසික නිවාස කුලිය ගෙවීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. මෙම සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වූ නිවාස හිමියන්ගේ පදිංචිය සඳහා විකල්ප ඉඩම් ලබා දෙන තෙක් මෙම පදිංචිකරුවන් සඳහා මේ වන විටත් ලබා දෙන මාසික නිවාස කුලිය තවදුරටත් දීර්ඝ කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් විදේශීය වෙළඳ නෞකාවන් සඳහා සපයනු ලබන මුහුදු ආරක්ෂක සේවා පිළිබඳ නීතිමය රාමුවක් සකස් කිරීම
– ජාත්‍යන්තර වෙළඳ නෞකාවන්ට මුහුදු කොල්ලකරුවන්ගෙන් සිදු වන ප්රහාරයන්ගෙන් ආරක්ෂාව සලසා ගැනීම පිණිස එම නෞකා විසින් ගිනි අවිසහිත මුහුදු ආරක්ෂකයින් යොදාගනු ලබයි. මෙවැනි තර්ජන සහිත අවදානම් කලාපවලට යාත්‍රා කරන නෞකාවන් වෙත එවැනි ආරක්ෂකයින් නංවා ගැනීම සහ එවැනි අවදානම් කලාප දෙසින් පැමිණෙන නෞකාවන්හි සිටින ආරක්ෂකයින් ගොඩබැස්සවීම සඳහා ගාල්ල සහ කොළඹ වරායන් භාවිත කරනු ලබයි. ඒ අනුව, එලෙස ආරක්ෂාව සලසනු ලබන පෞද්ගලික සමුද්‍ර ආරක්ෂණ සමාගම්වලට අයත් ගිනි අවි සහ උපාංග මෙහෙයුම් අවශ්‍යතාවය මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේ ප්‍රවාහනය හා ගබඩා කිරීම නියාමනය කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සංග්‍රාමික තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ ඒකාබද්ධ රුසියානු ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායමේ සහයෝගිතා ලේඛනය අත්සන් තැබීම
– 2004 වර්ෂයේදී රුසියානු සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කරන ලද සංග්‍රාමික තාක්ෂණික සහයෝගිතාව පිළිබඳ ගිවිසුම අනුව පිහිටුවීමට යෝජිත සංග්‍රාමික තාක්ෂණික සහයෝගිතාවය පිළිබඳ රුසියානු – ශ්‍රී ලාංකික ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමෙහි කාර්යභාරය හා කොන්දේසි ඇතුළත් ලේඛනයට අත්සන් තැබීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ළමුන් සඳහා දිවා සුරැකුම් පහසුකම් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම
– ළමුන් සඳහා ඉහළ ගුණත්වයකින් යුත් දිවා සුරැකුම් පහසුකම් සැලසීමේ අරමුණින් පෞද්ගලික අංශය හා එක්ව ප්‍රාදේශීය මට්ටමින් දිවා සුරැකුම් මධ්‍යස්ථාන 2,000ක් ස්ථාපිත කිරීමට රජය විසින් සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් සහ ආයෝජන ආකර්ශනය කරගැනීමේ අරමුණින්, දිවා සුරැකුම් පහසුකම් පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා ආයෝජකයින්ට අවශ්‍ය අරමුදල් සහාය ලබා දීම පිණිස ‘ව්‍යවසාය ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ සහන ණය යෝජනා ක්‍රමයක් ඇති කිරීම සහ අවශ්‍ය වන අනෙකුත් සහායන් ලබා දීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පළාත් මාර්ග නඩත්තුව සහ වැඩිදියුණු කිරීම
– මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග කළමනාකරණ හැකියාවන් වැඩිදියුණු කිරීම සහ තෝරාගත් මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 125ක අරමුදල් සලසා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එසේ වුවද දිවයින පුරා විහිදී ඇති පළාත් මාර්ගවල කඩිනමින් සිදු කළ යුතු අත්‍යවශ්‍ය නඩත්තු සහ වැඩිදියුණු කිරීම් සඳහා වෙන් කරන ලද අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් යොදවා ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය ව්‍යාපෘති කළමනාකරණ සේවා සලසා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ළමුන් සඳහා දිවා සුරැකුම් පහසුකම් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම
– ළමුන් සඳහා ඉහළ ගුණත්වයකින් යුත් දිවා සුරැකුම් පහසුකම් සැලසීමේ අරමුණින් පෞද්ගලික අංශය හා එක්ව ප්‍රාදේශීය මට්ටමින් දිවා සුරැකුම් මධ්‍යස්ථාන 2,000ක් ස්ථාපිත කිරීමට රජය විසින් සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් සහ ආයෝජන ආකර්ශනය කරගැනීමේ අරමුණින්, දිවා සුරැකුම් පහසුකම් පුළුල් කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා ආයෝජකයින්ට අවශ්‍ය අරමුදල් සහාය ලබා දීම පිණිස ‘ව්‍යවසාය ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ සහන ණය යෝජනා ක්‍රමයක් ඇති කිරීම සහ අවශ්‍ය වන අනෙකුත් සහායන් ලබා දීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පළාත් මාර්ග නඩත්තුව සහ වැඩිදියුණු කිරීම
– මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග කළමනාකරණ හැකියාවන් වැඩිදියුණු කිරීම සහ තෝරාගත් මාර්ග වැඩිදියුණු කිරීම සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 125ක අරමුදල් සලසා ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එසේ වුවද දිවයින පුරා විහිදී ඇති පළාත් මාර්ගවල කඩිනමින් සිදු කළ යුතු අත්‍යවශ්‍ය නඩත්තු සහ වැඩිදියුණු කිරීම් සඳහා වෙන් කරන ලද අරමුදල්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් යොදවා ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය ව්‍යාපෘති කළමනාකරණ සේවා සලසා ගැනීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
දිගන සිවිල් ගුවන්තොටුපොළ ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම
– මහනුවර නගරය සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශ සම්බන්ධ කරමින් මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානා මෙහෙයවීම සඳහා දේශීය අභ්‍යන්තර ගුවන්තොටුපොළක් මහනුවර දිස්ත්‍රික්කයේ දිගන, මාබේරියතැන්න ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
1975 අංක 33 දරන ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන නීති පනතට යෝජිත සංශෝධන
– 1975 අංක 33 දරන ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතන නීති පනත වර්තමාන සමාජ ආර්ථික තත්ත්වයන්ට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දෙනු ලැබ ඇති අනුමැතිය අනුව කෙටුම්පත් කර ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2018 මූල්‍ය වර්ෂයේ පළමුවන කාර්තුව තුළ රජයේ ආදායම් සහ විදයම් පිළිබඳ වාර්තාව
– 2017 වසරේ සිට රජයේ සත්‍ය වියදම සහ සත්‍ය ආදායම පිළිබඳ ත්‍රෛමාසික වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ. ඒ අනුව 2018 මූල්‍ය වර්ෂයේ පළමුවන කාර්තුව තුළ රුපියල් බිලියන 403ක් වියදම් දරා ඇති අතර (රාජ්‍ය ණය සේවාකරණය හැර) එය එම කාර්තුවේ ඉලක්කගත වියදමෙන් 91%කි. රජය විසින් එම කාර්තුව තුළ රැස්කරගත් ආදායම රුපියල් බිලියන 469ක් වන අතර එයින් රුපියල් බිලියන 425ක් බදු මඟින්ද, රුපියල් බිලියන 44ක් බදු නොවන මූලාශ්‍ර මඟින්ද ලැබී තිබේ. එය කාර්තුව තුළ අපේක්ෂිත ආදායමින් 90.2%කි. එසේම 2018 වර්ෂයේ පළමුවන කාර්තුව තුළ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති 1,354ක් අතුරින් ව්‍යාපෘති 561ක්, කාර්තුවේ ඉලක්කයෙන් 75%කට වැඩි භෞතික ප්‍රගතියක් අත්කර ගෙන ඇති අතර, ව්‍යාපෘති 444ක භෞතික ප්‍රගතිය 25%කට වඩා අඩු බව වාර්තා වී තිබේ. මේ පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කුලියාපිටිය මූලික රෝහල, ශික්ෂණ රෝහලක් බවට වැඩි දියුණු කිරීම
– 2017 අයවැය යෝජනා අනුව වයඹ විශ්වවිද්‍යාලය සඳහා නව වෛද්‍ය පීඨයක් ලබා දීමේ යෝජනාවට සමගාමීව, එම පීඨයට ඇතුළත් වන සිසුන්ගේ සායනික පුහුණු කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස කුලියාපිටිය මූලික රෝහල, ශික්ෂණ රෝහලක් බවට වැඩි දියුණු කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, ඉහළ ගුණත්මකභාවයකින් යුත් සායනික පුහුණුවක් සැපයීමට හැකිවන පරිදි කුලියාපිටිය මූලික රෝහල සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ ශික්ෂණ රෝහලක් බවට වැඩි දියුණු කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ මොරොක්කෝ රජය අතර ගිවිසුමකට එළඹීම
– දෙරට අතර සංචාරවලදී, රාජ්‍ය තාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසරපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ මොරොක්කෝ රජය අතර ගිවිසුමකට එළඹීම පිණිස අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මධ්‍යම පාන්තිකයන් සඳහා දැරිය හැකි මිලකට නිවාස ලබා දීමේ වැඩපිළිවෙල
– මධ්‍යම පාන්තික ප්‍රජාවගේ ඉහළ යන නිවාස ඉල්ලුමට සරිලන ලෙස නිවාස සැපයීම සඳහා රජයේ අවධානය යොමු වී ඇත. මේ අනුව වෘත්තීයවේදීන් හා විධායක ශ්‍රේණියේ නිලධාරින්ගේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් කොට්ටාව, ඔරුගොඩවත්ත, අනුරාධපුර, නුවරඑළිය, අවිස්සාවේල්ල සහ හොරණ යන ප්‍රදේශවල නිවාස 1,900ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ඇඹිලිපිටිය නගර සංවර්ධන ව්‍යාපෘතිය සහ නාගරික උද්‍යාන සංවර්ධනය සඳහා අවශ්‍ය ඉඩම් වෙන් කර ගැනීම
– හම්බන්තොට නගරයේ සිදු වෙමින් පවතින සීඝ්‍ර සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඊට ආසන්නයේ පිහිටි ඇඹිලිපිටිය නගරය ශීඝ්‍ර සංවර්ධනයකට භාජනය වෙමින් පවතියි. ඒ අනුව, ඇඹිලිපිටිය නගරයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිණිස අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇඹිලිපිටිය නගර මධ්‍ය සංවර්ධන සැලැස්ම පිළියෙළ කරනු ලැබ ඇත. මෙම සැලැස්ම යටතේ කාවන්තිස්ස වැව සහ අවට කලාපය සංවර්ධනය කිරීමටත් නගර මධ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ළමා උද්‍යානයක් සහ මාර්ග සංවර්ධන සහ අනෙකුත් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත් අපේක්ෂා කරනු ලබයි. ඒ අනුව, මෙම ව්‍යාපෘති දෙක ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සෙල්ලකතරගම වන්දනාකරුවන්ට පහසුකම් සැලසීමේ හා භූමි අලංකරණ සංවර්ධන ව්‍යාපෘතිය
සෙල්ලකතරගමට පැමිණෙන වන්දනාකරුවන් සඳහා අවශ්‍ය පොදු පහසුකම් සංවර්ධනය කිරීම සහ භූමි අලංකරණය කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පොදු ප්‍රවාහන සේවා සඳහා සුඛෝපභෝගි බස්රථ යෙදවීම
– බස්නාහිර පළාත තුළ පවතින අධික මාර්ග තදබදය අවම කිරීමේ ප්රමුඛ පියවරක් ලෙස, දැනට තම ගමනාගමන පහසුකම් සඳහා පුද්ගලික රථවාහන භාවිත කරන මඟීන්, පොදු ප්‍රවාහන සේවා සඳහා ආකර්ෂණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ ගමනාන්තය වෙත ළඟා වීමට හැකිවන පරිදි, බස් ප්‍රමුඛතා මංතීරුව මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතියි. එම තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කරගැනීමේ අරමුණින් පොදු ප්‍රවාහන සේවා සඳහා දැනට භාවිතා කෙරෙන බස්රථ වෙනුවට වායු සමීකරණය කරන ලද පත්ළ පහත් වඩාත් සුව පහසු හා ආරක්ෂිත බස් රථ සේවයට යෙදවීමට බස්රථ හිමියන් දිරිගැන්වීම සඳහා ඔවුන් වෙත ‘ව්‍යවසාය ශ්‍රී ලංකා වැඩසටහන’ යටතේ සහන ණය පහසුකම් සැලසීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කෘතහස්ත කලාකරුවන් සඳහා නිවාස පහසුකම් ලබා දීම සහ චීන-ශ්‍රී ලංකා කෞතුකාගාරයක් ස්ථාපිත කිරීම
– ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මැතිතුමාගේ ඉල්ලීමක් අනුව කෘතහස්ත කලාකරුවන් වෙනුවෙන් නිවාස පහසුකම් ලබා දීමට නිවාස 108ක් ඉදි කිරීම සහ චීන-ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතාවය පිළිබිඹු කිරීම පිණිස කෞතුකාගාරයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට චීන රජය එකඟ වී ඇත. ඒ අනුව චීන රජය විසින් ලබා දෙන ප්‍රදාන යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.