කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස ඉවාන් ඩුකේ අද දිවුරුම් දුන්නා. ඒ රට එක්සත් කිරීමට හා ආර්ථික වර්ධනයට කටයුතු කරන බවට පොරොන්දුවක් ලබාදෙමින්. කොලොම්බියාවේ, බොගෝටාහි බොලීවියා චතුරශ්රයේයි දිවුරුම් දීමේ උත්සවය පැවැත්වුණේ. ඒ අනුව ඉවාන් ඩුකේ එරට 60 වන ජනාධිපතිවරයා ලෙස පත්වුණා. පසුගිය ජුනි මාසයේදී පැවති මැතිවරණයෙන් සියයට 54 ක ඡන්ද ප්රතිශතයක් ලබාගනිමිනුයි ඔහු නව ජනාධිපතිවරයා ලෙස පත්වුණේ. ඔහුගේ සමාරම්භක දේශනයේදී පොරොන්දුවක් ලබාදෙමින් හිටපු නීතීඥවරයාගේ දූෂණ ක්රියාවලට එරෙහිව කටයුතු කරන බවටත් එරට ආර්ථික පුනර්ජීවය ඇතිකරන බවටත් ප්රකාශ කළා. තවද ෆාක් කැරලි කණ්ඩායම සමග ඇතිකරගෙන තිබෙන සාම ගිවිසුම වෙනස් කිරීමට කටයුතු කරන බවට ඔහු එහිදී පොරොන්දු වුණා.