නීතිවිරෝධී ඖෂධ තොගයක් සමග පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෛද්‍ය අනුමැතියකින් තොරව නිකුත් නොකරන රාජ්‍ය ඔසුසල්වලින් පමණක් නිකුත්කරන ඖෂධ තොගයක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සදහන් කළේ. වැල්ලවත්ත ප්‍රදේශයේ ඖෂධහල් උප නියෝජිතවරයෙකු එක්සත් රාජධානිය වෙත යැවීම සදහා ඖෂධ පෙති තොගය පෞද්ගලික කුරියර් සමාගමකට භාරදී තිබුණා. රේගු නිලධාරීන්ට ඇතිවූ සැකයක් මතයි පාර්සලය පරික්ෂා කර තිබෙන්නේ. ඒ අනුව නීතිවිරෝධී ඖෂධ පෙති එක්ලක්ෂ විසි දහසක් අත්අඩංගුවට ගත් බව සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළා.