මේ රජය තරම් ගොවි ජනතාවට සහන සැලසූ වෙනත් කිසිදු රජයක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළකලේ අපි වවලයි අපි කන්නේ වැඩසටහන පිළිබදව මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනුයි. රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ඇතුළු ජනතා නියෝජිතයන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට එක්ව සිටියා.
මේ අතර මාතලේ පොලිස් ස්ථානයේ ආදර්ශවත් වගා බිමද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්වුණා. සීමිත ඉඩකඩක සාර්ථක ලෙස බෝග වගා කර ඇති ආකාරය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වුණා. මාතලේ පොලිස් අධිකාරී එස් පී සන්දනායක, මාතලේ පොලිස් ස්ථානාධිපති චානක ද සිල්වා යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වුණා.
අමාත්‍ය මහින්ද අමරවීර,
[ot-video type=”youtube” url=”https://youtu.be/wuBscjbF85M”]