Life+News The Official News Portal of Independent Television Network Ltd

රාජපක්ෂලාගේ විකට සුරුවම් තුළින් මතුවූ පොල්ලෙලි මහත්තුරු

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2018 19:53

රාජපක්ෂලාගේ විකට සුරුවම් තුළින් මතුවූ පොල්ලෙලි මහත්තුරු

පසුගිය පලාත් පාලන මැතිවරණයෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුනවර්ධන මහතා පොහොට්‍ටුව ලැබූ ජයග්‍රහණයේ පදනම ගැන අපූරු විග්‍රහයක් කළේය.   ඒ මහින්ද රාජපක්ෂ  පොල්ලෙල්ලක් පෙන්වා මේකට ඡන්ද දීපන් කිව්වත් ඡන්දය දෙන බැතිමතුන් පිරිසක් තමන්ට සිටීම එම ජයග්‍රහණයට හේතුව බව ඔහු පෙන්වා දුන්නේය.

ඒ කතාව නිවැරදි බව පසුගිය කාලයේ පොහොට්‍ටුව ජයග්‍රහණය කළ පලාත් පාලන ආයතනවල වැඩ කටයුතු සිද්ධ වෙන ආකාරයෙන්ම පෙනී යයි. චන්ඩින්, වංචාකරුවන්, මංපහරන්නන්, ස්ත්‍රී දූෂකයන් ආදී අපරාධකරුවන් රැසක් මෙන්ම මානසික රෝගීන්ද පොහොට්‍ටුවේ ප්‍රාදේශීය නායකත්වයට පත්ව තිබේ. චෝදනා පිට චෝදනා පසුගිය මාස කිහිපයේ දී එල්ල විය.

මේ මජර පොහොට්‍ටු පාලනයේ අලුත් විගඩමක්  මහරගම නගර සභාවේ දැන් රඟ දැක්වෙමින් තිබේ. ඒ සමාජජාලා තොරතුරු අනුව නගරසභාවේ පොහොට්‍ටු සභාපතිවරයා තමන්ට‘  සර් ‘ කියා ආමන්ත්‍රණ්ය කළ යුතු බවට  නගර සභාවේ නිලධාරීන්ට හා සියලු ජනතාවට නියෝගයක් පනවා තිබීම ය.  බන්දුල ගුනවර්ධන විසින් පැවසූ  පොල්ලෙලි කතාවට හොඳ උදාහරණයත් මහරගම  නගර සභාව රාජපක්ෂවරුන් ජය ගැනීම ය.  තමන්ගේ පක්ෂයේ නාමයොජනා ප්‍රතික්ෂේප වී තිබුණත් බයිසිකලයක් පෙන්වා ඒකට ඡන්දය දෙන්නැයි කී විට මහරගම රාජපක්ෂ බැතිමතුන් ඊට ඡන්ද දුන්හ. නමුත් ඒ පක්ෂ ලැයිස්තුවේ ඉන්නේ කවුදැයි සොයා බැලුවෙවත් නැත. එහි බහුතරය මහරගම පදිංචිකරුවන් නොවී ගම්පහ, බඩල්ගම ,මාමයිට් ජනප‍දවාසීන් බව දැන් ගත්තේ පසුවය. මෙවනි විප්‍රකාර මැද්දේ වුවත් දැන් පොහොට්‍ටුව මහරගම නගර සභාවෙ බලය උසුලයි.

මේ අනුව සභාපතිවරයාට ..තමන්ට සර් කියා ඇමැතිය යුතු බවට පොස්ටරයක් ගැසීමට සිදුවීම පුදුමයක් නොවේ..මහරගම ජනතාවගේ සැබෑ ජනතා නියොජිතයා නොවී  ජනමතය කොල්ල කා ගත්ත  තක්කඩියන්ට ජනතාවගේ ගෞරවය  නිකම් ලබාගත නොහැක..ඊට බලය යොදවා නියෝග පැනවිය යුතුය. තමන්ට නැති ගෞරවයක් බලහත්කාරයෙන්  ආරෝපණය කරගැනීමට යෑම මානසික රෝගී තත්වයක් මිස වෙනකක් නොවන බව ද කිව යුතු ය. කෙසේ නමුත් රාජපක්ෂලා ද වීරයන් ලෙස අභිෂේක ලැබුවේ ද තුවක්කුවේ බලයෙනි.  බලය නැති වූ කළ  එනම් අද ඔවුන්  විකටයන්ගේ තත්වයට පත්වීම අහම්බයක් නොවන්නේ ද එබැවිනි. අද රාජපක්ෂලා සහ ඔවුන්ගේ හෙංචයියන් රටට සපයන විහිළු මේරටේ ඉතිහාසයේ කිසිදු දේශපාලන  කල්ලියකින්වත් නොලැබුණු තරම්ය.

මහින්ද රාජපක්ෂ අද  විසුලුකාරී විකට සුරුවමක් බවට පත්ව තිබේ. මේ විහිලුකාර  සුරුවම තව දුරටත් තමන්ගේ ගැලවුම්කරුවා ලෙස ඒකාබද්ධ විපක්ෂය විශ්වාසය තබා සිටීම  ඊට වඩා බරපතල විහිළුවකි.

 

-තත්පර 180-

 

 

ITN News Editor
By ITN News Editor අගෝස්තු 6, 2018 19:53
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

Your e-mail address will not be published.
Required fields are marked*

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්