දේශපාලන වශයෙන් බෙදීම් ඇතිකර ගන්නවා වෙනුවට රට සංවර්ධනය කිරීමට සියලු දෙනා එකමුතුකර ගැනීම රජයේ අරමුණ බව අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අනුරාධපුර පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකළා. අමාත්‍ය වජිර අබේවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගි වුණා. අනුරාධපුර, රාජාංගනය, යාය 12 වේරගල ග්‍රාමනිලධාරී වසමේ නිල සෙවන කාර්යාලය විවෘත කිරීම අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ජනතාවට සේවා රැසක් එකම ස්ථානයකින් ලබාගත හැකි පරිදි මෙය ඉදිකර තිබෙනවා.
අමාත්‍ය දුමින්ද දිසානායක,
[ot-video type=”youtube” url=”https://youtu.be/KqWzhjPOgJQ”]
මේ අතර අනුරාධපුර, තලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ නිල සෙවන කාර්යාලය විවෘත කිරීම ද වජිර අබේවර්ධන සහ දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ග්‍රාම නිලධාරී, සමෘද්ධි, සංවර්ධන, කෘෂිකර්ම පර්යේෂණ යන සියලු නිලධාරීන්ගේ සේවා මෙම නිල සෙවන කාර්යාල තුළින් ලබාගත හැකියි.