නීති විරෝධී ලෙස ජාතිවාදයට හෝ අන්තවාදයට ක්‍රියාත්මක වීමට පොලීසිය ඉඩ නොතබන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. මහජන මිත්‍රශීලී සහ සුබවාදී පොලිස් සේවාවක් පවත්වාගෙන යාම සදහා පොලිස් නිලධාරීන් නිරන්තරයෙන් කැපවිය යුතු බවද ඒ මහතා අවධාරණය කළා.
ශ්‍රී ලංකා පොලීසියේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමයේ කාන්තා ඒකකය, පොලිස් සුභ සාධක අංශය හා රාජකීය විදුහල් වෛද්‍යවරුන්ගේ සංගමය එක්ව සංවිධාන කළ වෛද්‍ය සායනයනට එක්වෙමිනුයි පූජිත් ජයසුන්දර මහතා මේ බව සදහන් කළේ. පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන පරිශ්‍රයේ දී සායනය පැවැත්වුණා.