වත්මන් ආණ්ඩුව බිඳවැටෙන බවට ඒකාබද්ධ විපක්ෂය දකින හීනය සැබෑවන්නේ නැති බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසනවා. කෙහෙල්බද්දර , පොත්ගුල් විහාරස්ථානයේ පැවති උත්සවයකදී ඒ මහතා මෙම අදහස් පළකළා.
කෙහෙල්බද්දර පොත්ගුල් විහාරාධිපති පූජ්‍ය මානිංගමුවේ ධම්මජෝති ස්වාමීන් වහන්සේට ධර්මකීර්ති ශ්‍රී ජිනානන්ද ගෞරව නාමය සහිත විශේෂ කර්මාචාර්ය පදවිය පිරිනමා තිබෙනවා. ඊට අදාළ සන්නස් පත්‍රය පිළිගැනීමේ පුණ්‍යෝත්සවය එම විහාරස්ථානයේදී පැවැත්වුණා. උන්වහන්සේ වෙත සන්නස් පත්‍රය පිළිගැන්වූයේ කතානායක කරූ ජයසූරිය මහතායි. සීනාදී සිව්කෝරලයේ ප්‍රධාන සංඝනායක අත්තනගල්ල රජමහා විහාරාධිපති අතිපූජ්‍ය ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද ස්වාමීන් වහන්සේ මුලසුන දැරූ මෙම උත්සවයට මහා සංඝරත්නය ද විශාල පිරිසක් ද සහභාගි වී සිටියා.
නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=Sp7FCzMM9xw&feature=youtu.be”]