රෝහණ විජේවීර කියන නම ඇසූ පමණින්ම අපි කවුරුත් ඔහු ගැන හොඳින්ම දන්නවා.
ලංකාවේ එක්තරා කාල පරිච්ඡේදයක නම ලියැවුණු ඔහුගේ ජීවිතයේ විවිධ සිද්ධීන් ඇසුරින් නිර්මාණය වුණු චිත්‍රපටයක් තමයි “ගින්නෙන් උපන් සීතල“ කියලා කියන්නේ.
තවමත් ශ්‍රී ලංකාවේ තිරගත කර නොමැති මෙහි විජේවීර චරිතයට පණ පොවන්නේ සිනමා නළු කමල් අද්දරආරච්චි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2018/08/Frozen-Fire.jpg”]
අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය 12වන ආසියා පැසිෆික් සිනමා සම්මාන උළෙල සඳහා තේරී පත් වී තිබෙනවා.
කොහොම වුණත් ගින්නෙන් සීතල උපදියිද කියලා බලන්න මේ සම්මාන උළෙල ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවරදී නොවැම්බර් 29වැනිදා පැවැත්වෙනතුරු අපිට බලා ඉන්නට සිදු වෙනවා.