දිවයින පුරා විභාග මධ්‍යස්ථාන තුන්දහස් පනහකදී පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද සාර්ථකව පැවැත්වුණා.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා විභාග අපේක්ෂකයින් තුන්ලක්ෂ පනස්තුන්දහස් තුන්සිය විසිහයදෙනෙකු පෙනී සිටියා. ඉන් දෙලක්ෂ හැට හත්දහස් හත්සිය හැත්තෑවක් සිංහල මාධ්‍ය අයදුම්කරුවන්. දෙමළ මාධ්‍ය අයදුම්කරුවන් සංඛ්‍යාව අසූහත්දහස් පන්සිය පනස් හයක් බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. සම්බන්ධිකරණ මධ්‍යස්ථාන හාරසිය අනූ හතක් ඔස්සේ විභාග කටයුතු සිදුකෙරුණා. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සදහා දෙමාපියන් සමග දරුවන් උදෑසනම විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ආකාරය දැකගත හැකිවූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.
පෙරවරු 9.30ට ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වුණා. විභාගය අවසන් වු පසුවත් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛණයක් බැවින් එම ප්‍රශ්න පත්‍ර ළග තබා ගැනීම , පිටපත් කිරීම හෝ ප්‍රචාරය සපුරා තහනම් බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් යම් විමසීම් සහ පැමිණිලි වෙතොත් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 අංකයට එම තොරතුරු දැනුම් දිය හැකියි.