පොත් ගුල්ලෝ කිව්වම අපිට දෙපිරිසක් මතක් වෙනවා.
ඒ පොත් කියවන්න තදින්ම ඇබ්බැහි වුණ අයයි, ඇත්තම ගුල්ලොයි.
හැබැයි ලෝක ප්‍රකට මැටිල්ඩා කෘතිය ඇසුරින් නිර්මාණය වු පොත් ගුල්ලි වේදිකා නාට්‍යය ගැනයි මේ කියන්න හදන්නේ.
නාලක ස්වර්ණතිලක අධ්‍යක්ෂණයක් වන පොත් ගුල්ලි අද (05) සවස 03.30ට හා 06.30ට කොළඹ බිෂොප් විද්‍යාලයීය රංග ශාලාවේදී රඟ දැක්වෙනවා.
කුසුම් රේණු, අමා විජේසේකර, ප්‍රියංකර රත්නායක, සංඛාරා විජේරත්න සමඟ ළමා රංගන ශිල්පීන් 30ක් මේ සඳහා රංගනයෙන් දායක වෙනවා.
ඉතින් මැටිල්ඩා කියවපු අය වගේම නොකියවපු අයටත් අද සවස බිෂොප් විද්‍යාලයට ගියොත් “පොත් ගුල්ලි“ බලලා රස විඳින්න පුළුවන්.