ඉදිරි දින වලදී (හෙට රාත්‍රියේ සිට) දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල (විශේෂයෙන් දිවයිනට බස්නාහිර සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශ වල ) සුළගේ වේගය යම් ප්‍රමාණයකින් වැඩිවීමේ හැකියාවක් පවතී.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ දකුණු පළාත්වල සිහින් වැසි ඇති විය හැක.
මධ්‍යම කදුකර ප්‍රදේශවලත් ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, පොලොන්නරුව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තද සුළං (Gusty winds) ඇතිවිය හැක.
ඉදිරි දින වලදී (හෙට රාත්‍රියේ සිට) දිවයින අවට මුහුදු ප්‍රදේශ වල විශේෂයෙන් දිවයිනට බස්නාහිර සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය යම් ප්‍රමාණයකින් වැඩිවීමේ හැකියාවක් පවතී.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ලහරහා මාතර දක්වා වන මුහුදු ප්රදේශවලසිහින් වැසි වාර කිහිපයක් ඇතිවේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතරසුළගේ වේගය පැ.කි.මී. 30-40ක් පමණ වේ.
පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා කල්මුනේ දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-55 දක්වා වැඩිවීමේ හැකියාව පවතී.මේ නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය | දිනය : | 2018-08-05 | |||
නගරය | උෂ්ණත්වය(සෙ. අංශක) | සාපේක්ෂ ආර්ද්‍රතාවය(%) | කාලගුණය | ||
උපරිම | අවම | උපරිම | අවම | ||
අනුරාධපුරය | 34 | 26 | 90 | 60 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මඩකලපුව | 33 | 26 | 85 | 60 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කොළඹ | 31 | 27 | 90 | 70 | වැසි ස්වල්පයක් |
ගාල්ල | 29 | 26 | 90 | 80 | වැසි ස්වල්පයක් |
යාපනය | 31 | 27 | 90 | 70 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මහනුවර | 29 | 21 | 95 | 70 | වැසි වාර කිහිපයක් |
නුවරඑළිය | 19 | 14 | 95 | 80 | වැසි වාර කිහිපයක් |
රත්නපුරය | 32 | 24 | 95 | 65 | වැසි වාර කිහිපයක් |
ත්‍රිකුණාමලය | 36 | 27 | 80 | 50 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
මන්නාරම | 30 | 26 | 90 | 80 | ප්‍රධාන වශයෙන් වැසි රහිත |
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව