සයිබීරියාවේ ක්රස්නොයාස්ක් ප්රදේශයට හෙලිකොප්ටර් යානයක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. රුසියාවේ නිෂ්පාදනය කළ එම්.අයි 08 වර්ගයට අයත් හෙලිකොප්ටර් යානයක් මෙසේ අනතුරට ලක්ව තිබෙනවා. අනතුර සිදු වන විට එහි ගමන් ගත් මගීන් 15 ක් සහ කාර්ය මණ්ඩලයේ තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි එරට වාර්තා සදහන් කරන්නේ. අනතුරට හේතුව මෙතෙක් සොයාගෙන නැහැ.එය සෙවීම සදහා විශේෂ පරික්ෂණයක් ක්රියාත්මක බවයි රුසියා බලධාරීන් සදහන් කරන්නේ.