සංචාරක දකුණු අප්‍රිකාව සමග අනිද්දා (05) පැවැත්වීමට නියමිත තුන්වන එක්දින තරගය සදහා විශේෂ පුහුණු සැසියකට ශ්‍රී ලංකාව අද(03) එක්වුණා. ඒ තරගය පැවැත්වීමට නියමිත පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදීයි. මෙය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් තරගයක් වන්නේ තරගාවලි ජය මෙම තරගයෙන් තීරණය වීම හේතුවෙනුයි. පළමු තරග දෙකේ ජය දකුණු අප්‍රිකාව සතු වුණා. කෙසේ වෙතත් තුන්වන තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇතැයි ක්‍රිකට් විචාරකයන් පවසනවා.