සංචාරක දකුණු අප්‍රිකාව සමග මේ වන විට පැවැත්වෙන දෙවන එකදින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 8 දැවී ලකුණු 244 ලබා ගත්තා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාපිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළා. පළමු එක්දින තරගයට ක්‍රීඩා කළ ලක්ෂාන් සඳකැන් සහ ළහිරු කුමාර මෙම තරගයට ඇතුලත්ව නැහැ. ඒ වෙනුවට මංගල එක්දින වරම් දිනා ගැනීමට කසුන් රජිත සහ ප්‍රභාත් ජයසූරියට හැකිවුණා.
තරගයේ පළමු කඩුලු දෙක මුල් ලකුණු පුවරුව 13ක් ලෙස සටහන්ව තිබිය දී බිඳ වැටුණා. අනතුරුව ඉනිම ඔසවා තැබීමට ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල දැඩි උත්සාහයක නිරත වුණා. සිය 6 වන අර්ධ ශතකය රැස්කරමින් ලකුණු 69ක් ලබා සිටිය දී ඔහු දැවී ගියා. නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් සිය 36 වන එක්දින අර්ධ ශතකය රැස්කිරීමට සමත්වුණා. දෙරට අතර පවත්වා ඇති අවසන් එක්දින තරග නවයම ජයගෙන ඇත්තේ දකුණු අප්‍රිකාවයි. මේ අතර දඹුල්ල ක්‍රීඩාංගනයේ පවත්වා ඇති අවසන් එක්දින තරග හයම ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබෙනවා.