නිරෝගී ශක්තිමත් ඉදිරි පරපුරක් වෙනුවෙන් දැයේ දරුවන්ට පිරිනැමෙන සුරක්ෂා රක්ෂණාවරණයේ ප්රතිලාභ තවදුරටත් ඉහළ නංවා තිබෙනවා. මෙම දැවැන්ත වැඩපිළිවෙළට යොදවා තිබූ මුදලට අමතරව තවත් රුපියල් මිලියන 400 ක මුදලක් ඒ සදහා වෙන්කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ.
දැයේ සිසු දරුවන් වෙනුවෙන් සුරක්ෂා සිසු රක්ෂණාවරණය ආරම්භ කෙරුණේ 2017 වසරේ ඔක්තෝබර් මස පළමු වනදායි. ජාතික, පළාත්, ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් වල සිසු දරුවන්ට මෙම රක්ෂණාවරණය තුළින් ප්රතිලාභ හිමිවනවා. එම ප්රතිලාභ තවදුරටත් ඉහළ නංවමින් සුරක්ෂා විශේෂ අරමුදල සදහා වන ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අත්සන් තැබුණා. මේ සදහා දායකත්වය ලබාදෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවයි.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=ueFNuCipYJ4&feature=youtu.be”]
මූලික අදියරේදී සුරක්ෂා රක්ෂණාවරණ අරමුදල සදහා තැන්පත්කර තිබුණේ රුපියල් මිලියන සියයක මුදලක්. තවත් රුපියල් මිලියන 400 ක් ඒ සදහා බැර කිරීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එකඟවී තිබෙනවා. පිළිකා ප්‍රතිකාර, හදවත් සැත්කම්, වකුගඩු ආබාධ, ඉන්ද්‍රීය බද්ධ කිරීම, අන්ධ භාවය, පිළිස්සුම්, ක්ෂය රෝගය, උපතේදී සිදුවන අංගවිකල තත්ත්වයන්, අංශභාග සහ එදිනෙදා සිදුවන අනතුරු ඇතුළු රෝග ප්‍රතිකාර කාණ්ඩ 18 ක් මේ තුළින් ආවරණය කෙරෙනවා.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් කළ ඉල්ලීමකට අනුව මෙම රක්ෂණාවරණය තුළින් ලබාදෙන ප්‍රතිලාභද ඉහළ නංවා තිබෙනවා. හදිසි අනතුරකින් පමණක් මව හෝ පියා මියගියහොත් දරුවාට රුපියල් හැත්තෑපන්දහසක මුදලක් ලබාදෙනවා. එය තවදුරටත් පුළුල් කරමින් හදිසි අනතුරක් හෝ වෙනත් කුමන හේතුවක් මත මව හෝ පියාගේ අභාවයකදී දරුවාට රුපියල් හැත්තෑපන්දහසක මුදල ලබාදීමට තීරණයකර තිබෙනවා. අක්ෂි හා දෘෂ්‍ය ආබාධ සදහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන ද ලබාදෙනවා. මෙම රක්ෂණාවරණයේ වැඩි ප්රතිලාභ ඉදිරියේදී පාසල් දරුවන්ට හිමිවන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරන්නේ.