සිම්බාබ්වේ මැතිවරණයේ ජය පාලක පක්ෂයට හිමිවීමේ වැඩි ඉඩක් පවතින බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. ඒ මෙතෙක් නිකුත් වූ නිල නොවන ප්‍රතිඑල මත පදනම්ව. ඒ අනුව පාලක සානු පී එෆ් පක්ෂය බහුතර ආසන සංඛ්‍යාවක් හිමිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ ජනාධිපති එමර්සන් මෙනන්ගාවා බහුතර බලයකින් යළි ධුරයට පත්වනු ඇති බව එරට විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.