“මේ රටේ නිවන් දකින්න තරම් කෙලෙස් තියෙන මිනිහෙක් නෑ. ඔක්කොම ඉන්නෙ ලෙඩ්ඩු. ජනතාව කියන වර්ගය දන්න බුද්ධ ධර්මයෙන් නිවන් යන්න බැහැ. හැබැයි හීලෑ කරන්ඩ පුළුවන්. හීලෑ කරන්න පාවිච්චි කරන එකකට බුදු දහම කියන්ඩ බැහැ. නියම බුදු දහමෙන් කවුරුවත් හීලෑ කරන්ඩ බැහැ.”
– බුදුන්ගේ රස්තියාදුව –
නම දැක්කම කලබල වුණාද? මේක නවකතාවක්. ලියලා තියෙන්නේ කේ.කේ. ශ්රීනාත් චතුරංග. දිනය අගෝස්තු 3 වැනිදා. හවස 5.40ට එන්න සන්නස්ගලගේ රෝයල් තැප්රොබේන් එකට. එදාට මේ නවකතාව එළි දක්වනවා.