ලොව පුරා මිලියන ගණනක් ශක්තිජනක පානයක් ලෙස කෝපි පානය කරනවා. නමුත් කෝපිවලින්, ස්මාට් ෆෝන්, ලැප්ටොප් පරිගණක සහ විදුලි වාහන පණගැන්විය හැකි බව සොයා ගෙන තිබෙනවා. තායිවානයේ චුං යුවාන් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක වන ත්සායි සින් යු ඉවතලන කෝපි කුඩුවල ශක්තිය උපයෝගි කර ගනිමින් නව බැටරියක් සොයා ගෙන තිබෙනවා. මිනිරන් සහ කෝපි යන දෙකම සෑදී ඇත්තේ කාබනික සංයෝගවලින්.
ස්වභාවික හා කෘත්‍රිම මිනිරන් සදහා වන පිරිවැය ඉතා ඉහළ අගයක් ගන්නා නිසා ඒ වෙනුවට ආදේශක ද්‍රව්‍යයක් සොයා ගැනීමට බලාපොරොත්තු වන බව මෙම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වරයෙකු ප්‍රකාශ කළා. සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා මේ සදහා වැය වන්නේ අඩු ශක්තියක්. මෙම ක්‍රියාවලිය පරිසර හිතකාමී වන අතර නිශ්පාදනය සදහා අඩු මිලක් වැය වන නිසා බැටරියක මිල අඩු කිරීමට හැකිවන බවද සදහන්. එම කණ්ඩායම මේ වන විට පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම සදහා තායිවානය, චීනය සහ ඇමෙරිකාව යන රටවලට අයදුම්කර තිබෙනවා. මෙය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.