වියට්නාමයේ විවාහ මංගල උත්සවයකට යමින් සිටි පිරිසක් ගමන්ගත් බස් රථයක් කන්ටේනරයක ගැටීමෙන් පුද්ගලයින් දහතුන් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තවත් හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මනාලයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයනුයි එම රථයේ ගමන් කර ඇත්තේ. අනතුර වු අවස්ථාවේදී දස දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. ඉතිරි තුන්දෙනා රෝහල්ගත කරන අතරතුරයි මියගොස් ඇත්තේ. ට්රක් රථ රියදුරාද සුළු තුවාල ලබා තිබෙනවා.