ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය සංවිධාන කළ අන්තර් විශ්වවිද්‍යාල සය සාමාජික සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය සාර්ථකව අවසන් වුණා. ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන් හය වන වරටයි තරගාවලිය සංවිධාන කළේ. නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියට රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල 14 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 18 ක් සහභාගී වුණා. අවසන් තරගය පැවැත්වුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය අතරයි. එහිදී කඩුලු තුනකට ලකුනු හැත්තෑ හයක් ලබාගනිමින් මෙවර තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමත් වුණා. ලකුණු 56 ක් ලබා ගත් කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයට අනුශූරතාව හිමි වුණා.