සුරක්ෂා රක්ෂණ ක්රමයේ ප්රතිලාභ ලබන වසරේ සිට වැඩි කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අධ්‍යාපන ක්ෂේත්රයේ සියලු අඩුපාඩු ඉදිරි වසර එකහමාර තුළ සම්පූර්ණ කරන බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මහව ප්‍රදේශයේ පාසල් කිහිපයක ඉදිකෙරුණු ගොඩනැගිලි සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. මහව විජයබා මධ්‍ය මහා විද්‍යාලයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සදහා වූ අධ්‍යාපන ඒකකය, ගජනැග්ගම මධ්‍ය මහා විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල, අඹගස්වැව මහා විද්‍යාලයේ නව පාසල් ගොඩනැගිල්ල ඇතුළු ඒකක ඒ අතර වනවා. ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/MrA0VA-0KGQ”]