ජයග්‍රාහී මානසිකත්වයෙන් දකුණු අප්‍රිකාව සමග එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායම සූදානමින් සිටිනවා. තරගාවලියට මුහුණ දීම සදහා කණ්ඩායම් දෙකම පසුගිය දින වල පුහුණුවීම්වල නිරත වුණා. තරගාවලියේ පළමු තරගය හෙට(29) දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. ඒ දිවා තරගයක් ලෙසයි.
ශ්‍රී ලංකාව මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම්වලින් පසුවන්නේ 08 වන ස්ථානයේයි. තරගාවලිය තුනට දෙකක් ලෙස ජයගතහොත් ශ්‍රී ලංකාවට මෙම ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියට පැමිණිය හැකියි. දකුනු අප්‍රිකාව අවසන්වරට සහභාගී වූ එක්දින තරගාවලි දෙකම පරාජයට පත් වීම හේතුවෙන් ඔවුන්ට මෙම තරගාවලිය අභියෝයක් වී තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක මෙම තරගාවලියට සහභාගී වන්නේ නැහැ. ඔහුට තරග 06 ක තහනමක් පනවා තිබෙනවා