වත්තල කෙරවලපිටිය අරවකොටුව ප්රදේශයේ රසායනික කම්හලේ හටගත්ගින්න පාලනය කර තිබෙනවා. ප්රදේශවාසීන් සහ වත්තල පොලිසියේද සහාය ඇතිව ගින්න මැඩපැවැත්වූ බවයි කොළඹ ගිනිනිවන ඒකකය සදහන් කළේ. ඒ සදහා ගිනි නිවන රථ දෙකක් සහ නිලධාරින් 8 දෙනෙකු යොදවා තිබුණා. ගින්නෙන් රසායනික කම්හල සම්පුර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. අවට දැඩි දුමාරයක් ද පැතිර ගිය බවයි ප්රදේශවාසීන් ප්රකාශකළේ. ඊට හේතුව සොයා වත්තල පොලිසිය පරික්ෂණ සිදුකරන බව කොළඹ ගිනි නිවන ඒකකයේ ප්රකාශකයෙක් සදහන් කළා.