පරිසර අමාත්‍යාංශය තමන් යටතට පවරා ගත්තේ පරිසර විනාශයට දේශපාලන බලයේ ආශිර්වාදය හිමිවීම වැළැක්වීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ජාතික නාමල් උයනේ සංවර්ධන හා ප්‍රවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා.
ජපන් ජාතිකයෙකුගේ ආධාර මත නාමල් උයන පරිශ්‍රයේ ඉදිකෙරුණු ජේ ආර් ජයවර්ධන අනුස්මරණ භාවනා මධ්‍යස්ථානය විවෘත කෙරුණේ ජනාධිපතිතුමා අතින්. ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත පවරාදීමත් සමග එහි ප්‍රවර්ධන කටයුතු රාශියක් සිදුකිරීමට සැලසුම්කර තිබෙනවා. වසරකට ලක්ෂ හයක් පමණ සංචාරකයින් පැමිණෙන සීගිරිය ආසන්නයේ ඇති ජාතික නාමල් උයන කෙරෙහි පවතින සංචාරක ආකර්ශනය තවදුරටත් වර්ධනය කිරීමට වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි.
නාමල් උයන නැරඹීම සදහා මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් නිකුත් කරන පළමු ප්‍රවේශ පත්‍රය මෙහිදි එහි අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදුකළා. ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිස ඇමතුවේ ඉන් අනතුරුවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,
[ot-video type=”youtube” url=”https://youtu.be/rsMYPjOGs1c”]
පූජ්‍ය වනවාසී රාහුල ස්වාමීන් වහන්සේ,
[ot-video type=”youtube” url=”https://youtu.be/rSyTEgQLgAo”]