ලාඕසයේ වේල්ලක් කැඩීයාමෙන් පුද්ගලයන් සිය ගණනක් අතුරුදන්ව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. නැගෙනහිර ලාඕසයේ දකුණු ප්‍රදේශයේ පිහිටි ජලාශයක වේල්ල මෙසේ කැඩීගොස් ඇති බවයි වාර්තා වන්නේ. ගම්මාන හයක මේවන විටත් දැඩි ගංවතුර තත්වයක් පවතිනවා. අවතැන්ව ඇති පිරිස 6600 ක්.
ඔවුන් සදහා වියලි ආහාර, පානීය ජලය මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කඩිනමින් ලබාදීම සදහා පියවර ගෙන ඇති බවයි එරට අග්‍රාමාත්‍ය තොන්ග් ලූ සිසුලිත් සදහන් කළේ. විපතට පත් පිරිස් බේරාගැනීම සදහා ද විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.