ජපානයට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් ස්වභාවික ආපදා තත්ත්වයක් ප්රකාශයට පත් කර තිබෙනවා.
එරටට බලපා ඇති අධික උෂ්ණත්වය හේතුවෙන් පුද්ගලයින් 65 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ජපානයේ කුමගයා නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 41.1ක් ලෙස වාර්තා වුණා. එය ජපානයේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය බවයි ජපාන කාලගුණ අංශ පවසන්නේ. දැඩි උෂ්ණත්වය හේතුවෙන් රෝගීන් විසිදෙදහසකට වැඩි පිරිසක් රෝහල්ගත කර සිටිනවා. ඉන් වැඩි පිරිසක් වයස්ගත වූවන්. ලබන මාසයේදී සෙල්සියස් අංශක 35 ඉක්ම වූ උෂ්ණත්වයක් වාර්තා විය හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අගවා තිබෙනවා.