බලන්ගොඩ සමනල වත්ත ප්රදේශයේ ඝන කැලෑවක අතුරුදන් වූ දරුවා සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා.මෙම දරුවා අතුරුදන්ව සිටින්නේ පසුගිය විසිවනදා දහවල් සිටයි. දරුවා පාසල ඇරී නිවසට පැමිණි විට ඔහුගේ පියා දර කැඩීම සදහා අසළ කැලයට ගොස් තිබෙනවා.
පියා බැලීම සදහා දරුවාද පසුව කැලයට ගොස් ඇති නමුත් ඔහු යළි නිවසට පැමිණ නැති බවයි වාර්තා වී ඇත්තේ. ඒ අනුව හමුදාව, පොලිසිය සහ ප්රදේශවාසීන් එක්ව දරුවා සෙවීමේ මෙහෙයුම් සිදුකළත් මෙතෙක් ඔහු හමුවී නැහැ. යුද හමුදා සාමාජිකයන් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද මෙහෙයුමට එක්ව සිටිනවා. හුනුවල කන්ද රක්ෂිතය සහ සමනලවත්ත රක්ෂිතය පීරමින් මෙහෙයුම් සිදුකළද දරුවා තවමත් හමුවී නැහැ. ඔහු සොයා මෙහෙයුම් මේ වන විටත් සිදු කෙරෙනවා.