වයස අවුරුදු 70ක පමණ කාන්තාවක සුසාන භූමියකට රැගෙනවිත් දමාගිය සිද්ධියක් සම්බන්ධයෙන් මාදම්පේ පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
මාදම්පේ පනිරෙන්දාව සුසාන භූමියේ පාළු ගොඩනැගිල්ලක් තුළ එම කාන්තාව සිටි බවයි පොලිසිය පවසන්නේ. ප්රදේශයේ ග්රාම නිලධාරිවරිය සහ පොලිසිය පැමිණ ඇගෙන් කරුණු විමසා තිබෙනවා. යතුරුපැදියකින් පැමිණ අයෙකු තමා මෙම ස්ථානයට දමාගිය බවයි ඇය ප්රකාශ කර තිබෙන්නේ. එභෙත් ඔහු කවුරුන්ද යන්න එම කාන්තාව හෙළිකර නැති බවද පොලිසිය සඳහන් කළා.