හොරොව්පොතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටින අලින් සඳහා ආහාර ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත් කරන එළවළු හා පළතුරු රැගෙන යාම අද සිදුකෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්.
අද අලුයම 3 ට පමණයි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එළවළු හා පළතුරු රැගෙන යාම සිදු කළේ. ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත් කළ එළවළු හා පළතුරු අතර තිබූ පොලිතින් හා අලින් ආහාරයට නොගන්නා ද්‍රව්‍ය ඉවත් කර පටවා ගැනීම විශේෂත්වයක්. දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා ද මෙම අවස්ථාවට සහභාගි වුණා.